Impartial news reporting for a stronger democratic society
කළු මුහුදේ යාත්‍රා කළ භාණ්ඩ ප්‍රවා­හන  නැවකට ඩ්‍රෝන ප්‍රහා­ර­යක් !  නැව මුහුදුබත් වෙයි — 11ක් අතු­රු­දන් ! – බල්ගේ­රි­යා­වෙන් රුසි­යා­වට චෝදනා

බල්ගේ­රි­යානු වෙරළ සීමාව ආස­න්නයේ යාත්‍රා කළ භාණ්ඩ ප්‍රවා­හන නෞකා­ව­කට  පසුගියදා ඩ්‍රෝන ප්‍රහා­ර­යක් එල්ල වීමත් සමඟ නෞකාව ගිලී ගොස් ඇති බව Cyber World Press අනාවරණය  කරයි.

එහි සිටි 15 දෙන­කු­ගෙන් සම­න්විත කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන් 11 දෙනකු අතු­රු­දන් වී ඇතැයි ද වාර්තා වේ.

බල්ගේ­රි­යානු රජය නිවේ­ද­නය කැර ඇත්තේ අතු­රු­දන් වූ නාවි­ක­යන් සොයා මෙහෙ­යුම් ආරම්භ කැර ඇති බවයි. අතු­රු­දන්වූ නාවි­ක­යන් සිරි­යානු හා ඊජිප්තු ජාති­ක­යන් බවට තොර­තුරු වාර්තා වී  ඇති බව Cyber World Press  අනාවරණය කරයි.සති­යක් ඇතු­ළත කළු මුහුදේ නෞකා­ව­කට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ දෙවැනි අව­ස්ථාව මෙය බව ද වාර්තා වේ. මීට දින කිහි­ප­ය­කට පෙර යුක්රේන හා අස­ර්බ­යි­ජාන් ජාති­ක­ය­න්ගෙන් සම­න්විත කාර්ය මණ්ඩ­ල­ය­කින් යුතු භාණ්ඩ නෞකා­වක් ඩ්‍රෝන ප්‍රහා­ර­යට ලක්වූ අතර, එහි සිටි කාර්ය මණ්ඩ­ලයේ 15 දෙනා නිරු­ප­ද්‍රි­තව මුදා ගැනී­මට බල්ගේ­රි­යානු වෙර­ළා­ර­ක්ෂක බළ­කාය සමත්වී තිබේ.

කළු මුහු­දේදී වාණිජ නෞකා ඉලක්ක කර­මින් පිට පිට එල්ල වූ මේ ඩ්‍රෝන ප්‍රහාර හෙළා දකි­මින් බල්ගේ­රි­යානු අග­මැති රුමෙන් රාඩෙව් ප්‍රකා­ශ­යක් නිකුත් කැර ඇති අතර, ඔහුගේ චෝද­නාව එල්ල වී ඇත්තේ රුසි­යා­වට බව වාර්තා වේ.

අතු­රු­දන්වූ නාවි­ක­යන් සොයා ගැනීම සඳහා අග­මැ­ති­ව­රයා නේටෝ සංවි­ධා­න­යෙන් හා යුරෝපා සංග­ම­යෙන් ගුවන් නිරී­ක්ෂණ සහය ඉල්ලා තිබේ. මේ ප්‍රහාර සම්බ­න්ධව කරුණු විම­සීම සඳහා බල්ගේ­රි­යාවේ රුසි­යානු තානා­ප­ති­නිය ඉලෙ­නෝරා මිට්රෝ­ෆ­නෝවා කැඳවා ඇති අතර, ඇය සඳ­හන් කැර ඇත්තේ එවැනි ප්‍රහා­ර­යක් පිළි­බඳ රුසි­යානු ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යෙන් කිසිදු තොර­තු­රක් ලැබී නැති බවයි. එය තුන්වැනි පාර්ශ්ව­යක් විසින් සිදු කරනු ලැබූ ප්‍රහා­ර­යක් විය හැකි බව ද රුසි­යානු තානා­ප­ති­නිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp