
සවුදි අරාබියේ රියාද් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සතියක කාලසීමාවකට වසා දැමූ බව එරට සිවිල් ගුවන්සේවා අධිකාරිය ප්‍රකාශ කළ බව Cyber World Press වාර්තා කරයි.
හවුති කැරලිකරුවන්ගෙන් දිගින් දිගටම ප්‍රහාර එල්ල වීම හේතු කොටගෙන මේ පියවර ගත් බව සවුදි බලධාරීන් පවසයි.
ජෙඩා නුවර ගුවන්තොටුපොළට පසු එරට වඩාත්ම කාර්යබහුල ගුවන්තොටුපොළ ලෙස සැලකෙන රියාද් නුවර කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ යටිතල පහසුකම් සහ මෙහෙයුම් තහවුරු කිරීමට සහ මගීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට මේ පියවර ගත් බව බලධාරින් නිවේදනය කැර ඇතැයි වාර්තා වේ.
සියලු ගුවන් සමාගම් ද රියාද් නුවර වෙත සිදු කරන ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිල දැනුම්දීමට අනුව ලබන 17 වැනිදා රාත්‍රී 9.00 දක්වා ගුවන්තොටුපොළ වසා දමා තිබේ. ගුවන්තොටුපොළ වසා දැමීමෙන් පසුව ද හවුති කැරලිකරුවන්ගෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එම මිසයිලය ගුවනේදීම විනාශ කළ බව සවුදි රජය ප්‍රකාශ කර තිබේ.
දශකයකට වැඩි කාලයක් ඇතුළත සවුදි අරාබිය තුළ සිදුවූ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙන පුද්ගලයන් 13 දෙනකුට මරු කැඳවූ පසුගිය සෙනසුරාදා ප්‍රහාරයත්, ඊට පසු දින එල්ල වූ දෙවැනි ප්‍රහාරයත් හේතුවෙන් මේ තීරණය ගෙන තිබේ.

