Impartial news reporting for a stronger democratic society
රතු නිවේදන හරහා බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න — CID ටය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි

හිටපු ඇමැති  බැසිල් රාජපක්ෂ  අත්අඩංගුවට  ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කැර තිබේ.

රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ඇමැති  බැසිල් රාජපක්ෂට චෝදනා එල්ල වී  ඇති අතර,ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයක්  ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID බලධාරීන්ට නියෝග කැර තිබේ.

ඊයේ බදාදා (14) කොළඹදී තීන්දුව ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළ අතර, ජාත්‍යන්තර ලුහුබැඳීම පහසු කිරීම සඳහා සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරන ලෙස පොලිසියට උපදෙස් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ පොලිස් විමර්ශකයන් අධිකරණයට දන්වා සිටියේ 2014 වසරේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට වෙන් කළ රුපියල් මිලියන 7.8 නිල ප්‍රවර්ධන ව්‍යාපෘතිවලින් අයථා ලෙස   හරවා යවා ඇති බවයි.

මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ සාක්ෂිවලට අනුව එම මුදල් වියදම් කර ඇත්තේ ඌව පළාත් සභා මැතිවරණයේදී බෙදාහරින ලද ප්‍රචාරක ටී ෂර්ට් 12,000ක් මිලදී ගැනීමටය.

Follow by Email
LinkedIn
Share
WhatsApp