Impartial news reporting for a stronger democratic society
2027 දී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 3.7ක් – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  පුරෝකථනය කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත්  කැර ඇති නවතම ‘ලෝක ආර්ථික දැක්ම’ (World Economic Outlook) වාර්තාවට අනුව, 2027 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට 3.7ක් දක්වා මධ්‍යස්ථ මට්ටමකට පත්වනු ඇතැයි පුරෝකථනය කැර ඇත.

එම ජාත්‍යන්තර මූල්‍ය ආයතනය 2027 වසර සඳහා සියයට 5.4ක උද්ධමන අනුපාතයක් සහ සියයට 3.9ක විරැකියා අනුපාතයක් ද පුරෝකථනය කැර තිබේ.

ශ්‍රී ලංකාව දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘විස්තීරණ අරමුදල් පහසුකම’ (EFF) වැඩසටහන යටතේ කටයුතු කරමින් සිටින අතර, එම වැඩසටහන 2027 මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතය.

ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් 2026 වසරේදී සියයට 3.1කින් සහ 2027 වසරේදී සියයට 3.4කින් වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කැර ඇත.

යුක්රේනයේ සහ බටහිර ආසියාවේ පවතින යුද ගැටුම් හේතුවෙන් බලශක්ති සහ අනෙකුත් භාණ්ඩවල මිල ගණන්වල සිදු වූ තියුණු ඉහළ යාම මෙන්ම වෙළඳ බාධකවල සිදුවූ සැලකිය යුතු වෙනස්කම්වල බලපෑම මත, ගෝලීය ප්‍රධාන උද්ධමන අනුපාතය (headline inflation) මෙම වසරේදී සියයට 4.7ක් දක්වා ඉහළ ගොස් 2027 වන විට නැවත සියයට 4.1ක් දක්වා පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

ECONOMYNEXT  ඇසුරෙන්

Follow by Email
LinkedIn
Share
WhatsApp