Impartial news reporting for a stronger democratic society
මිය ගියායෑයි සිතා භුමිදානයට සූදානම් කැර තිබූ ග්වාත­මාලාවේ දරියක් පැය 8කට පසු යළි නැඟිටී!

මිය­ගිය බවට නිග­ම­නය කර­මින් භූම­දාන කට­යුතු සඳහා මිනී පෙට්ටි­යක තැන්පත් කළ 15 හැවි­රිදි දැරි­යක් පැය 8කට පසු යළි නැඟිටීමේ සිදු­වී­මක් ග්වාත­මාලා රාජ්‍ය­යෙන් වාර්තා වේ.

රෝගීත්ත්වයෙන් පසුවූ යුලේ­යිඩි අයි­ක්කො­ටො­යැක් නමැති මේ දැරිය වෛද්‍ය­ව­ර­යකු වෙත රැගෙන යමින් සිටි­යදී සිහි­සුන් වී ඇති අතර, ඇගේ හෘද ස්පන්ද­නය නැවතී ඇති බව­ටත්, ඇය මිය­ගොස් ඇති බව­ටත් නිග­ම­නය කැර ඇති ඇගේ පියා නැවත නිවෙ­සට පැමිණ අව­සන් කට­යුතු සඳහා සූදා­නම් කැර ඇත්තේ දැරිය කිසිදු වෛද්‍ය පරී­ක්ෂ­ණ­ය­කට ලක් කිරීම­කින් තොරව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එදි­නම පස්ව­රුවේ ඥාතීන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් ඇගේ නිවෙසේ අව­මං­ගල්‍ය උත්ස­වය පව­ත්ව­මින් සිටින අත­ර­තුර හදි­සි­යේම මිනී පෙට්ටිය සෙල­වී­මට පටන් ගෙන ඇති බවත්, පසුව පිරිස එක්ව එය විවෘත කිරී­මත් සමඟ දැරිය දෑස් හැර නැගී සිටි බවත් වාර්තා වේ.

 මේ විස්ම­ය­ජ­නක සිදු­වී­මෙන් අව­මං­ගල්‍ය උත්ස­ව­යට පැමිණි පිරිස නොස­න්සුන් වූ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. එම සිදු­වීම වාර්තා­ වී­මත් සමඟ අදාළ නිවෙ­සට පැමිණි මාධ්‍ය­වේ­දීන්ට දැරි­යගේ පියා ප්‍රකාශ කැර ඇත්තේ ඇගේ හෘද ස්පන්ද­නය නැවතී ඇති බව සැක හැර දැන ­ගැ­නී­මෙන් පසු නිවෙ­සට රැගෙන ඇවිත් අව­මං­ගල්‍ය කට­යුතු සූදා­නම් කළ බවයි.

දේව හාස්ක­ම­කින් සිය දිය­ණිය මළ­වු­න්ගෙන් අව­දිවූ බව ද පූජ­ක­ව­ර­යකු වන ඇගේ පියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කැර තිබේ. දැරිය මිනී පෙට්ටි­යෙන් අව­දි­වීම පටි­ගත වූ වීඩියෝ පටය මේ වන විට එරට සමාජ මාධ්‍ය­ජාලා අතර වැඩි අව­ධා­න­යට ලක්වී ඇතැයි ද වාර්තා වේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp