Impartial news reporting for a stronger democratic society
බංග්ලාදේශ ජන අරගලය මර්දනය කළ ශෙයික් හසීනාගේ ආණ්ඩුවේ සිටි   ප්‍රධානීන් 7කට මරණ දඬුවම!

බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ  ආණ්ඩුවේ සිටි  ප්‍රධානීන් හත් දෙනකුට ඩකා නුවර අධිකරණයෙන් මරණ දඬුවම නියම කැර ඇතැයි අල් ජසීරා පුවත් සේවය  උපුටා දක්වමින්  Cyber World Press වාර්තා  කරයි.

වසර 2024 දී උද්ගත වූ බංග්ලාදේශ ජන අරගලය මර්දනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන්  මෙම පුද්ගලයන්  හත් දෙනා චෝදනා ලබා සිටිති.

නඩු විභාගය අතරතුර අධිකරණයේ පෙනී නොසිටි විත්තිකරුවන් 7 දෙනාට ඩකා අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය මේ තීන්දුව නිකුත් කැර ඇත.

 හිටපු තොරතුර හා ප්‍රචාරක රාජ්‍ය ඇමැති මොහොමඩ් අලි අරෆාත්, අවාමි ලීග් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඔබයිදුල් කේඩර් ද ඒ අතර සිටින බව වාර්තා වේ. සෙසු පුද්ගලයන් පස්දෙනාගේ දේපොළවලින් අඩක් රාජසන්තක කිරීමට ද අධිකරණය නියෝග කැර ඇති අතර, මර්දනයේදී මියගිය හෝ තුවාල ලැබූ අයගේ පවුල්වලට වන්දි ලෙස එම දේපොළ බෙදා දෙන ලෙසටත් උපදෙස් දී තිබේ.

 හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ ප්‍රබලතම සාමාජිකයන් ද වන එම විත්තිකරුවන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, මිනීමැරුම්, ඝාතන සඳහා අනුබල දීම සහ පොලඹවා ගැනීම චෝදනාවලට වරදකරුවන් බව අධිකරණය තීන්දු කැර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කැර ඇති බව Cyber World Pre සඳහාන් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවකට අනුව බංග්ලාදේශ ජන අරගලය අතරතුර ශෙයික් හසීනාගේ ආරක්ෂක හමුදාව සහ ඇගේ ආධාරකරුවන් සිසු සිසුවියන් ඇතුළු විරෝධතාකරුවන් 1,400 දෙනකු ඝාතනය කැර ඇති අතර, දහස් සංඛ්‍යාත පිරිසක් තුවාල ලැබු බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp