
සවුදි අරාබියේ පිහිටා ඇති කිං කාලිඩ් ගුවන් හමුදා කඳවුරට හවුති කැරලිකරුවන්ගෙන් දැවැන්ත බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
හවුති හමුදා ප්‍රකාශක යහියා සාරී ප්‍රකාශ කැර ඇත්තේ ගුවන් හමුදා කඳවුරේ ගුවන්යානා අංගණ, රේඩාර් පද්ධති, ගුවන් පථ සහ ආයුධ ගබඩා සියල්ල ඉලක්ක කරගත් බවය. එම ප්‍රහාරවලින් හමුදා කඳවුරට දැඩි හානි සිදුවූ බව හවුති හමුදා ප්‍රකාශක සඳහන් කරයි.
මේ පිළිබඳ සවුදි රජය කිසිදු තහවුරු කිරීමක් සිදු කැර නොමැති බව එහි සිටින Cyber World Press වාර්තාකරු සඳහාන් කරයි. පසුගිය දින කිහිපය ඇතුළත සවුදි හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා මඟින් යේමනයේ හවුති කැරලිකරුවන් ඉලක්ක කරමින් ප්‍රහාර 300කට වඩා සිදු කැර ඇති අතර, ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කැර ඇත්තේ ඊට ප්‍රතිචාර වශයෙන් බව ද වාර්තා වේ. හවුති කැරලිකරුවන්ගෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මැඬපැවැත්වීමට සවුදි හමුදාව අසමත්වී ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබේ.
මේ අතර හවුති කැරලිකරුවන් මර්දනය කිරීම සඳහා සහය ඉල්ලා සවුදි අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු දිගින් දිගටම අමෙරිකාවෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ. ඔහු ඊයේ ජෙඩා නුවරදී අමෙරිකානු මධ්‍යම හමුදා අණදෙන මධ්‍යස්ථානයේ ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් මුණගැසී ඇතැයි ද වාර්තා වේ.
