Impartial news reporting for a stronger democratic society
පාකිස්තාන පාලනයයේ පවතින කාශ්මීරයේ අන්තර්ජාලය විසන්ධි කර දින 100ක් ඉක්මවා ගිහින්

පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීර් කලාපයේ අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම විසන්ධි කැර දින 100ක් සම්පූර්ණ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 එම කලාපයේ මැතිවරණ ප්‍රතිසංස්කරණයක් ඉල්ලා ජූනි මස මුල් භාගයේ ආරම්භ කළ විරෝධතා අතරතුර කාශ්මීර් ප්‍රාන්ත රජය විසින් ජංගම අන්තර්ජාල සම්බන්ධතා සහ රැහැන්ගත අන්තර්ජාල සේවාවන් විසන්ධි කිරීමට පියවර ගත් බව වාර්තා වේ. විරෝධතා පාලනය කිරීමේ පියවරක් ලෙස කාශ්මීර් ප්‍රාන්ත රජය මේ පියවර ගෙන තිබේ.

පසුගිය මාසයේදී අදියර තුනකින් යුතුව කාශ්මීර් කලාපයේ මැතිවරණය පැවැත්වීමෙන් පසුව නව රජයක් පත්වුවද, අන්තර්ජාල සම්බන්ධතා නැවත නිදහස් කැර නැති බවත්, මේ තත්ත්වය මත අන්තර්ජාල බැංකුකරණය සඳහා භාවිත කරන වෙබ් අඩවි සහ වෙනත් මාදුකාංග ක්‍රියාත්මක නොවීමෙන් කලාපයේ ව්‍යාපාරික කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. අන්තර්ජාල සම්බන්ධතා විසන්ධි කිරීම් නිරීක්ෂණය කරන ලන්ඩන් නුවර කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර නෙට් බ්ලොක්ස් ස්වාධීන සංවිධානය නිවේදනය කර ඇත්තේ අන්තර්ජාලය විසන්ධි කිරීම පසුගිය ජූනි මස 5 වැනිදා සිට අඛණ්ඩව ක්‍රියාත්මක වන බවය.

Follow by Email
LinkedIn
Share
WhatsApp