
ලෝක මුස්ලිම් ප්‍රජාවගේ පූජනීය ස්ථානය වන සවුදි අරාබියේ මක්කම වෙත හවුති කැරලිකරුවන්ගෙන් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් වැළැක්වීමට සමත්වූ බව එරට ආරක්ෂක අංශ නිවේදනය කැර තිබේ.
මක්කම වෙත ප්‍රහාරයක් එල්ල කළ බවට සවුදි ආරක්ෂක අංශ නිකුත් කළ ප්‍රකාශය හවුති කැරලිකරුවන් ප්‍රතික්ෂේප කැර ඇති අතර, එම සංවිධානයේ දේශපාලන අංශය නිවේදනය කැර ඇත්තේ එය පිළිකුල් සහගත ප්‍රකාශයක් බවයි.
කිසිදු අවස්ථාවක පූජනීය නගරය ඉලක්ක කැර නොගත් බව එහි සඳහන් කර ඇතැයි වාර්තා වේ.( දිනමිණ ඇසුරෙන්)
