
ඉරාන එල්ල කරන ප්‍රහාරවලින් මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු යුධ හමුදා කඳවුරු ඇතුළු ගොඩනැඟිලි සහ යටිතල පහසුකම් 90% ක් පමණ සහ සිය ගණනක් ප්‍රහාරක යානා ඇතුළු ගුවන්යානා දුසිම් ගණනක් විනාශ වූ බව පෙන්ටගනය පළමුවරට හෙළි කැර ඇති බව Cyber World Press අනාවරණය කරයි.
පෙන්ටගනයේ අධික්ෂණ කාර්යාලය මඟින් නිකුත් කළ නිල රහසිගත වාර්තාවකට අනුව මේ වසරේ පෙබරවාරි 26 වැනිදා සිට ජූනි මස 30 දක්වා කාලය තුළ ඉරාන – අමෙරිකා යුද්ධයෙන් අමෙරිකානු හමුදාවට සිදුවූ හානිය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව වි Cyber World Press අනාවරණය කරයි.
Cyber World Press අනාවරණය කැර ඇති අන්දමට මාස 4ක පමණ කාලය ඇතුළත යුද්ධය සඳහා අමෙරිකානු රජය ඩොලර් බිලියන 33.4ක් වැය කැර ඇති බව සඳහාන් වෙයි.
එම කාලය ඇතුළත භාවිත කළ අධි තාක්ෂණික අවි ආයුධ සහ මිසයිල සඳහා පමණක් ඩොලර් බිලියන 22.5ක් වැය වී ඇති බවද වාර්තා වේ.
පසුගිය මස අගෝස්තු 13 වැනිදා වන විට සමස්ත යුද පිරිවැය ඩොලර් බිලියන 42 ඉක්මවා ගිය බව පෙන්ටගනය කොන්ග්‍රස් මණ්ඩලයට දැනුම් දී ඇත. එරට යුද විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත්තේ එම පිරිවැය ඩොලර් බිලියන 100ක් පමණ විය හැකි බවයි.
මැදපෙරදිග කලාපයේ ඉරාකය, කුවේට්, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සවුදි අරාබිය, ඕමානය සහ ජෝර්දානය රටවල පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් ගොඩනැඟිලි සිය ගණනක් විනාශ වූ බව එම වාර්තාවේ සඳහන් කර ඇති අතර, F-15E වර්ගයේ ප්‍රහාරක යානා 4ක්, KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් යානා 7කට සහ හෙලිකොප්ටර් යානා 7කට හානි සිදුවී ඇතැයි එහි සඳහන් කැර තිබේ. ඉතිහාසයේ පළමුවරට F-35A වර්ගයේ නවීනතම යානයක් ද විනාශ වී ඇති අතර, E-3 Sentry අනතුරු ඇඟවීමේ ගුවන්යානයක් ද ඉරාන ප්‍රහාරවලින් විනාශ වූ බව වාර්තා වේ. එම කලාපයේ රටවල් 4ක අමෙරිකානු තානාපති කාර්යාලවලට එල්ල වූ ප්‍රහාරවලින් ඩොලර් මිලියන 184ක පමණ හානියක් සිදුවී තිබෙන බව වාර්තා වේ. MQ-4C Triton වර්ගයේ නිරීක්ෂණ යානයක් ඇතුළුව ඩ්‍රෝන 30කට වැඩි සංඛ්‍යාවක් අහිමිවූ බව ද පෙන්ටගනයේ වාර්තාවේ සඳහන් වන බව Cyber World Press වැඩිදුරටත් අනාවරණය කරයි.
මේ අතර යුද්ධය අවසන් කිරිම සඳහා වන සාකච්ඡාවල කොන්දේසියක් ලෙස අමෙරිකානු හා ඊශ්‍රායල ප්‍රහාරවලින් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ගෙවිය යුතු බව ඉරාන රජය පසුගිය මාසයේදී ප්‍රකාශ කැර ඇති බවත්, ඉරානයේ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම සඳහා ඩොලර් බිලියන 270ක වන්දියක් අවශ්‍ය බවත් ඉරාන රජය ප්‍රකාශ කැර තිබේ. එසේ නොවන්නේ නම් අමෙරිකාවට සහ ඊහ්‍රායලයට බරපතළ වන්දි ගෙවීමට සුදු වන බව ඉරානය පවසා තිබේ.
