Impartial news reporting for a stronger democratic society
ඉරානයට අදාළ මැදිහත්වීම්වලදී  මුලිකත්වය ගන්න – චීන විදේශ ඇමැති පකිස්ථානයෙන් ඉල්ලා සිටි

ඉරානයට අදාළ මැදිහත්වීම් වේගවත් කරන ලෙසත්, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අදාළ ගැටලු ‍නිසි ලෙස විසඳීමට  මූලිකත්වය  ගන්නා ලෙසත් චීන විදේශ ඇමැති වං යී මහතා පාකිස්ථානයෙන් ඉල්ලා සිටී බව  ඉස්ලාම්බාත් නුවර සිටින Cyber World Press විශේෂ නියෝජිත කියයි.  

පාකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ ඇමැති මොහොමඩ් ඉෂාක් ඩාර් මහතා සමඟ දුරකථන සංවාදයකට එක් වෙමින් හෙතෙම ඊයේ (12) මේ බව පවසා ඇත.

ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා පැවැත්වීමට මෑත කාලයේ පාකිස්ථානයේ මැදිහත්වීමේ උත්සාහයන් පැහැදිලි කළ ඩාර් මහතා සංවාදය ප්‍රවර්ධනය කිරීමට චීනය ලබා දෙන සහාය පිළිබඳව චීනයට ස්තුතිය පළ කෙළේය. කලාපීය සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ඒකාබද්ධව ධනාත්මක කාර්යභාරයක් ඉටුකිරීමට චීනය සමඟ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

චීනයේ ප්‍රතිපත්තිමය ස්ථාවරය නැවත අවධාරණය කළ වං යී මහතා චීනය, පාකිස්ථානයේ මැදිහත්වීමේ උත්සාහයන්ට අඛණ්ඩව සහාය දෙන බව ප්‍රකාශ  කැර ඇත.

චීනය සහ පාකිස්ථානය දින කිහිපයකින් දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 75 වැනි සංවත්සරය සනිටුහන් කරනු ඇත. දෙපාර්ශ්වයම ඒකාබද්ධව සමීප ඉහළ මට්ටමේ හුවමාරු පවත්වා ගත යුතුය. එකිනෙකාගේ මූලික අවශ්‍යතා මෙන්ම දෙරට පොදු අවශ්‍යතා වඩා හොඳින් ආරක්ෂා කළ යුතු අතර චීන-පාකිස්ථාන සර්වකාලීන උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉහළ නැංවීම ප්‍රවර්ධනය කළ යුතු බව ඔහු සඳහන් කැර ඇත.

දෙපාර්ශ්වය එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බහු පාර්ශ්වික වේදිකාවල චීනයේ සහ පාකිස්ථානයේ සාධාරණ ස්ථාවරය ප්‍රකාශ කරමින් බහුපාර්ශ්විකත්වය ඒකාබද්ධව ආරක්ෂා කළ යුතු බව ද වං යී මහතා පැවසීය.

දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය චීනය සමඟ සර්වකාලීන සහයෝගීතාව ගැඹුරු කිරීමට, බහුපාර්ශ්වික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ පාකිස්ථාන-චීන උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වයේ නව ප්‍රගතිය සඳහා කටයුතු කිරීමට පාකිස්ථාන පාර්ශ්වය කැමැත්තෙන් සිටින බව මොහොමඩ් ඉෂාක් ඩාර් මහතා ප්‍රකාශ කැර ඇත.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp