Impartial news reporting for a stronger democratic society
මැද­පෙ­ර­දිග අර්බු­ද­යෙන් පීඩා­වට පත් ඉන්දීය ව්‍යාපා­ර­ව­ලට  ඩොලර් බිලි­යන 2ක ණය ඇප­කර

මැද­පෙ­ර­දිග ආර්ථික අර්බු­දය හේතු­වෙන් පීඩා­වට පත් ව්‍යාපා­ර­ව­ලට සහය වීම සඳහා ඉන්දීය රජය අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 1.9ක හදිසි ණය ඇප­කර වැඩ­ස­ට­හ­නක් අනු­මත කර ඇතැයි රොයි­ටර් පුවත් සේවය උපුටා දක්වමින්  Cyber World Press වාර්තා  කරයි.

 මැද­පෙ­ර­දිග රට­වල් සමඟ ඍජු ව්‍යාපාර කට­යු­තු­වල නිර­තව සිටි විශේ­ෂ­යෙන් කුඩා සමා­ග­ම්ව­ලට සහය වීම අර­මුණු කර­මින් ඉන්දීය කැබි­නට් මණ්ඩ­ලය මේ ණය ඇප­ක­රය අනු­මත කළ බව එරට තොර­තුරු  ඇමැති­ව­රයා ප්‍රකාශ කළ බව රොයි­ටර් පුවත් සේවය වැඩි­දු­ර­ටත් සඳහාන් කෙළේය.

ඒ අනුව ඉන්දීය රජය කුඩා හා මධ්‍යම පරි­මාණ ව්‍යව­සා­යන් සඳහා 100%ක ඇප­කර ආව­ර­ණ­යක් ද, අනෙ­කුත් සමා­ගම් සහ ගුවන් සේවා අංශය සඳහා 90%ක ආව­ර­ණ­යක් ද ලබා දීමට නිය­මිත බව සඳහාන් වේ.

අමෙ­රි­කානු – ඉරාන යුද්ධය හේතු­වෙන් ඉන්දි­යාවේ රෙදි­පිළි සහ වීදුරු නිෂ්පා­ද­ක­යන් වැනි ව්‍යාපා­ර­ව­ලට දැඩි බල­පෑම් එල්ල වී ඇති අතර, යුද අර්බු­දය හේතු­වෙන් ඉන්දීය ආර්ථික වර්ධ­නය ද මන්ද­ගාමී වී ඇතැයි රොයි­ටර් පුවත් සේවය සඳ­හන් කෙළේය.

කොවිඩ් 19 වසං­ග­තය අත­ර­තුර කාල­සී­මා­වේදී ද ඉන්දීය රජය කුඩා හා මධ්‍යම පරි­මාණ ව්‍යාපාර සමා­ග­ම්ව­ලට එවැනි මූල්‍ය­මය සහ­යක් ලබා දී ඇති අතර, එරට දත්ත මඟින් පෙන්නුම් කර ඇත්තේ 2023 මාර්තු වන විට ඉන්දීය රුපි­යල් ට්‍රිලි­යන 242ක් වටිනා ඇප­කර මිලි­යන 11කට වඩා නිකුත් කැර ඇති බවය. ( දිනමිණ ඇසරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp