Impartial news reporting for a stronger democratic society
බ්‍රිතාන්‍ය පාලක කම්කරු පක්ෂයට ප්‍රාදේ­ශීය මැති­ව­රණවලින් අන්ත පරාජයක් ! අග­මැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ට ධුරයෙන් අස් වෙන්නැයි   ෂක්ෂය ඇතුළේන්ම බලපෑම්

බ්‍රිතාන්‍ය පුරා පැවැති ප්‍රාදේ­ශීය මැති­ව­රණ මාලා­වේදී පාලක කම්කරු පක්ෂය ලැබූ ඉති­හා­සයේ දරු­ණු­තම පරා­ජයේ වග­කීම භාර­ගෙන ධුර­යෙන් ඉවත් වන ලෙස එම පක්ෂයේ මන්ත්‍රී­වරු 80 දෙනකු  අග­මැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර්ට බල­පෑම් කර­මින් සිටින බව වාර්තා වේ.

බීබීසී පුවත් සේවය සඳ­හන් කරන්නේ ධුර­යෙන් ඉව­ත්වීමේ දිනය ප්‍රකා­ශ­යට පත් කරන ලෙස කීර් ස්ටාමර්ට බල­පෑම් කරන මන්ත්‍රී­වරු අතර ස්වදේශ කට­යුතු ලේකම් ෂබානා මහ­මූද් ඉදි­රි­යෙන් සිටින බවයි.

කම්කරු පක්ෂයේ නාය­කයා ලෙස අග­මැති ධුර­යට පත්වූ 63 හැවි­රිදි ස්ටාර්මර්ට ධුරය අහි­මි­වීමේ අව­දා­න­මක් මතුවී ඇත්තේ ප්‍රාදේ­ශීය මැති­ව­ර­ණ­යේදී කම්කරු පක්ෂය දැඩි පසු­බෑ­ම­කට ලක්වීම හේතු­වෙන් බවත්, වසර 2022 මැති­ව­ර­ණ­යේදී බ්‍රිතා­න්‍යයේ ප්‍රාදේ­ශීය ආසන 2,200කට අධික ප්‍රමා­ණ­යක් ජය­ගත් කම්කරු පක්ෂ­යට මෙවර මැති­ව­ර­ණ­යේදී ආසන 1300ක් පමණ අහි­මිවී ඇතැයි වාර්තා වේ. කම්කරු පක්ෂයේ නාය­කයා ලෙස ප්‍රාදේ­ශීය මැති­ව­රණ පරා­ජයේ වග­කීම භාර­ගන්නා බව ශ්‍රීමත් කීර් ස්ටාර්මර්  පසුගිය දා (11) නිල වශ­යෙන් ප්‍රකාශ කළද පක්ෂ නාය­ක­ත්ව­යෙන් ඉව­ත්වී­මට සූදා­නම් නැති බව ප්‍රකාශ කැර තිබේ. ස්ටාර්මර්ගේ නාය­ක­ත්ව­යට අභි­යෝග කිරීම සහ පීඩ­න­යට ඉහළ නැංවීම අර­මුණු කර­මින් කම්කරු පක්ෂ රජයේ ඇමැ­ති­වරු රැසක් ඉල්ලා අස්වීමේ සූදා­න­මක් ඇතැයි ද, ඊයේ රාත්‍රිය වන­වි­ටත් ඇමැ­ති­වරු තිදෙ­න­කුගේ ඉල්ලා අස්වීම් තහ­වුරු වී ඇතැයි ද වාර්තා වේ.

බ්‍රිතාන්‍ය ව්‍යව­ස්ථා­වට අනුව අග­මැති ධුරය හිමි­වන්නේ බල­යට පත්වන පක්ෂයේ නාය­ක­යාට බැවින් කම්කරු නායක ශ්‍රීමත් කීර් ස්ටාර්මර්ගේ අර්බු­දය බ්‍රිතා­න්‍යයේ දැඩි දේශ­පා­ලන ව්‍යාකු­ල­ත්ව­ය­කට හේතු­වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

වසර 2024 මැද භාග­යේදී බ්‍රිතාන්‍ය පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යෙන් වසර 14කට පසු පළ­මු­ව­රට කම්කරු පක්ෂය බල­යට පත්වූ අතර, රජ­යක් පිහි­ටු­වීම සඳහා ආසන 650කින් සම­න්විත එරට පාර්ලි­මේ­න්තුවේ ආසන 326ක් අවශ්‍ය වුවද, කම්කරු පක්ෂය ආසන 411ක බලය තහ­වුරු කර­ගත් බව වාර්තා වේ. ඒ අනුව වසර 2010දී අග­මැ­ති­ ධු­ර­යට පත්වු ඩේවිඩ් කැම­රොන්ගේ සිට අග­මැ­ති­ව­රුන් පස්දෙ­නකු බිහි කළ කන්ස­ර්වේ­ටිව් පක්ෂයේ රජය බිඳ වැටුණු අතර, 2020 වසරේ සිට කම්කරු පක්ෂයේ නාය­කයා ලෙස කට­යුතු කරන ශ්‍රීමත් කීර් ස්ටාර්මර් අග­මැති ධුර­යට පත්විය.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp