
ඩිජිටල් තාක්ෂණය ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙද්දී සයිබර් අපරාධ අභියෝගයක් බවට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බැංකු පද්ධති, රාජ්‍ය ආයතන, පුද්ගලික දත්ත සහ ජාතික ආරක්ෂාව දක්වා සියලු තොරතුරු අන්තර්ජාලය සමඟ බැඳී පවතින බැවින් සයිබර් ප්‍රහාර ගෝලීය අර්බුදයක් දක්වා ඇදී ගොස් ඇතැයි ජපාන ටයිම්ස් පුවත් සේවය වාර්තා කෙළේය.
පසුගිය කාලයේ මියන්මාරය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපයේ සයිබර් අපරාධ මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය අපරාධකරුවන් රැසක් අත්අඩංගුවට පත්වී ඇති අතර, සයිබර් අපරාධවල නව කේන්ද්‍රස්ථාන ලෙස චීනය සහ වියට්නාමය හඳුනා ගෙන ඇතැයි සඳහාන් වේ. ඉහළ තාක්ෂණ දියුණුවක් පෙන්නුම් කරන රටවල් වීම හේතුවෙන් චීනයට සහ වියට්නාමයට දකුණු ආසියාතික කලාපයේ අපරාධ මෙහෙයුම් සංවිධානාත්මකව සිදු කිරීමට හැකියාව ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි. බැංකු ගිණුම් හැක් කිරීම, ක්‍රිප්ටෝ මුදල් වංචාව, අන්තර්ජාල සූදුව, මිනිස් ජාවාරම සයිබර් අපරාධ ජාලය පුළුල් කර ඇති බවත්, ආසියාතික රටවල් රැසක දැනටමත් පුද්ගලයන් රැසක් එම සයිබර් ජාවාරමේ ගොදුරු බවට පත්වී ඇති බවත් සඳහාන් වේ.
දකුණු ආසියාතික රටවල් රැසක් ඩිජිටල් ආර්ථිකය වෙත පරිවර්තනය වෙමින් සිටියද, සයිබර් ආරක්ෂාව තවමත් ප්‍රමාණවත් මට්ටමක නොමැති අතර, චීනය සහ වියට්නාමය වැනි රටවල් කේන්ද්‍ර කරගත් සයිබර් ජාවාරම්කරුවන්ගෙන් ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, බංග්ලාදේශයේ සහ නේපාලයේ දියුණුවෙමින් පවතින මාර්ග ගත බැංකු භාවිතය දැඩි අභියෝගයකට ලක්වී තිබේ. OTP කේත සොරකම් කිරීම, ව්‍යාජ බැංකු වෙබ් අඩවි සහ ජංගම දුරකතන හරහා ගනුදෙනුකරුවන් රැවටීමට ලක් කිරීම වැනි බැංකු සහ මූල්‍ය ක්ෂේත්රයට තර්ජන එල්ල වී ඇති බැවින් පාසල් මට්ටමේ සිට ඩිජිටල් අපරාධ සම්බන්ධව අධ්‍යාපනයක් ලබා දීමත්, දකුණු ආසියානු රටවල් අතර බුද්ධි තොරතුරු හුවමාරුවක් සහ ඒකාබද්ධ විමර්ශන සහයෝගිතාවක් ස්ථාපිත කළ යුතු බව සයිබර් අපරාධ සම්බන්ධ විශාරදයන් පෙන්වා දී ඇතැයි ජපාන ටයිම්ස් පුවත් සේවය සඳහන් කෙළේය.( දිනමිණ ඇසුරෙන්)

