
අමෙරිකානු ප්‍රහාරවලින් ආරක්ෂා කැර ගැනීම සඳහා ඉරාන ගුවන් හමුදාවේ ගුවන්යානා පකිස්ථානයේ රඳවා තැබීමට එරට බලධාරීන් අවසර දුන් බව අමෙරිකාවේ සීබීඑස් පුවත් සේවයේ වාර්තාවක් උපුටා දක්වමින් Cyber World Press සඳහාන් කරයි.
අමෙරිකානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වමින් එම පුවත් සේවය සඳහන් කැර ඇත්තේ, පකිස්ථායේ රඳවා තිබූ ඉරාන හමුදා යානා අතර, ඔත්තු බැලීමේ සහ බුද්ධි තොරතුරු රැස් කිරීමේ ගුවන්යානා ද තිබූ බවයි.
එම තොරතුරු වාර්තා වීම හේතුවෙන් සාම සාකච්ඡා සඳහා පකිස්ථානය මැදිහත්කරුවකු ලෙස යොදා ගැනීම නැවත සලකා බලන ලෙස අමෙරිකානු රජයට ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති අතර, අමෙරිකාවේ සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රෙහැම් අවධාරණය කැර ඇත්තේ එම තොරතුරු නිවැරැදි නම් මැදිහත්කරුවකු ලෙස පකිස්ථානයේ කාර්යභාරය නැවත සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කිරීමක් හෝ ඇගයීමක් සිදු කළ යුතු බවයි.
ඇෆ්ගනිස්තානයේ ද ඉරාන සිවිල් ගුවන්යානා කිහිපයක් රඳවා තැබූ බවට සීබීඑස් පුවත් සේවය තොරතුරු වාර්තා කැර ඇති අතර, ඉරාන හමුදා ගුවන්යානා ඒ අතර තිබූ බවට තොරතුරු නොමැති බව සඳහන් කැර තිබේ. එහෙත් අමෙරිකානු වාර්තා ප්‍රතික්ෂේප කැර ඇති පකිස්ථාන බලධාරින් ඉරානයට අයත් කිසිදු ගුවන්යානයකට එවැනි අවසරයක් ලබානොදුන් බව ප්‍රකාශ කැර තිබේ
