Impartial news reporting for a stronger democratic society
තුර්කියේ පාසලක වෙඩි තැබීමක් ! 9ක් මරුට – 13කට බරපතළයි

දකුණු දිග තුර්කියේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

පාසල් සිසුවෙකු පන්ති කාමරයක් තුළ දී මෙම වෙඩි තැබීම සිදු කැර ඇති බව සදහන් වේ.

වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඔවුන්ගෙන් හය දෙනෙකු දැනට දැඩි සත්කාර ඒකකයේ සිටින අතර, ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් සඳහන්ය.

8 වැනි ශ්‍රේණියේ සිසුවකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත්, වෙඩික්කරු සියදිවි නසාගෙන ඇති බවත් තුර්කි පොලිසිය උපුටා දක්වමින්  Cyber World Press සඳහන් කරයි.

මේ අතර තුර්කියේ ගිනිකොණදිග ප්‍රදේශයේ පිහිටි පාසලක, එම පාසලේම හිටපු සිසුවකු ඊයේ (14) සිදුකළ වෙඩි තැබීමකින් 16 දෙනෙකු තුවාල ලැබු අතර 18 හැවිරිදි වෙඩික්කරු එම පාසලේම ආදි ශිෂ්‍යයකු බවත් පසුව අනාවරණය වී තිබේ.( දිනමිණ ඇසුරින්)

Follow by Email
LinkedIn
Share
WhatsApp