Impartial news reporting for a stronger democratic society
මට ඔහු සමඟ විවාදයකට පැටලීමට අවශ්‍ය නැහැ: ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆැසිස් පාලනයට මම බිය බිය නැහැ – XIV වැනි ලියෝ පාප් වහන්සේ නැවත කියයි

මම යුද්ධයට එරෙහිව හයියෙන් කතා කිරීමට බිය  නොවන බවත්, සාමය ප්‍රවර්ධනය කිරීමටත් රාජ්‍යයන් අතර සංවාදය සහ බහුපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බබත්, ගැටලුවලට සාධාරණ විසඳුම් සෙවීමට මැලි නොවන  තත්ත්වයක් තුළ  ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆැසිස් පාලනයට බිය  නෙවෙන බව XIV වන ලියෝ පාප් වහන්සේ නැවතත් ප්‍රකාශ කැර තිබේ.

ලියෝ පාප් වහන්සේ මේ බව පැවසුවේ පසුගිය දා අප්‍රිකානු රටවල් හතරක දින 11 ක සංචාරයක් ආරම්භ කරමිනි.

ඉරාන යුද්ධය සම්බන්ධයෙන් අති උතුම් ලියෝ පාප්වහන්සේ තුළ පවතින මතය අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැඩි ලෙස විවේචනය කැර තිබේ.

ඉරානය යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමකට එකඟ නොවන්නේ නම්, “ඉරානයේ මුළු ශිෂ්ටාචාරය ම මිය යනු අතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව සිදු කරනු ලැබූ තර්ජනය ලියෝ පාප් වහන්සේ පසුගිය සතියේ විවේචනය කළහ.

එම ප්‍රකාශයකට විරෝධය පළ කරමින් Truth Social හි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, පාප් වහන්සේ “විදේශ ප්‍රතිපත්තිය භයානක” බව යි.

එමෙන් ම, “ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබීම සුදුසු යැයි සිතන පාප් වහන්සේ කෙනෙක් මට අවශ්‍ය නැතැයි ඔහු තවදුරටත් සඳහන් කැර ඇත.

Truth Social සටහනේ පාප් වහන්සේ පිළිබඳ පැමිණිලි ගණනාවක් ලැයිස්තුගත කරමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, පාප් වහන්සේ අපරාධ සහ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් දුර්වල බව ය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම දෝෂාරෝපණයට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ, අමෙරිකානු ජනාධිපතිවරයා සමග ‘විවාද කිරීමට කිසිදු අදහසක් නැති බව’ ය.

තමා දේශපාලනඥයෙක් නොවන බවත් තමන් ලෝකයට දෙන එක ම පණිවිඩය සාමය ප්‍රවර්ධනය කිරීම බවත් XIV වන ලියෝ පාප් වහන්සේ සඳහන් කැර ඇත.

පසුගිය 11 වැනි දා මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡාවලට ඉරාන සහ අමෙරිකානු නියෝජිතයින් පකිස්ථානයේදී හමුවූ අවස්ථාවේදී පාප් වහන්සේ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් සිදු කරමින් සඳහන් කැර ඇත්තේ, “යුද්ධයේ උමතුව” අවසන් කරන ලෙසය.

(මුලාශ්‍ර – රොයිටර්/අල් ජසීරා ඇසුරීන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp