
ගිනි අවි සහ ජීව පතරොම් සිය සන්තකයේ තබාගෙන සිටිමේ චෝදනාව මත බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ චන්දන කත්‍රිආරච්චි අද (16) කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කැර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත එම කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් ප්‍රකාරව අද (16) උදෑසන පිළියන්දල පොලිස් වසමේ මාම්පේ ප්‍රදේශයේ පිහිටි චන්දන කත්‍රිආරච්චිගේ නිවෙස පරික්ෂාවට ලක් කැර තිබේ.
එම පරීක්ෂා කිරීමේදී පහත සඳහන් අවි ආයුද හමුව ඇත.
* ජීව අත්බෝම්බයක්
* ටී 56 වර්ගයේ මැගසින් දෙකක්
* ටී 56 ජීව පතරොම් 221 ක්
* 0.22 වර්ගයේ පතරොම් 103 ක්
* 84S වර්ගයේ ජීව පතරොම් 31 ක්
* හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාට අයත් වගා ඉඩමක් සඳහා නිකුත් කැර තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරන අනාවරණය වෙයි.
