Impartial news reporting for a stronger democratic society
 කරන්දෙණිය සුද්දාගේ මස්සිනා ඉන්දියාවේ දී අත්අඩංගුවට

සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන කරන්දෙනිය සුද්දා නැමැත්තාගේ සහෝදරයා වන කරකරන්දෙනිය සනත් ද සිල්වා නොහොත් රාජු නැමැත්තා ඉන්දියානු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
සැකකරු කඩිනමින් මෙරටට රැගෙන ඒම සඳහා පොලිසිය ඉන්දියානු රජය සමඟ සාකච්ඡා පවත්වන බවද එම උසස් නිලධාරියා  පැවසිය.
සනත් ද සිල්වා නොහොත් රාජු නැමැත්තාගේ මීටියාගොඩ ප්‍රදේශයේ නිවසේ සැඟවී සිට මනුෂ්‍ය ඝාතනයක් සැලසුම් කළ බව කියන සැකකරුවෝ හතර දෙනෙක් ද  පසුගිය දා ඇල්පිටිය කොට්ඨාශය අපරාධ විමර්ශන කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.

(lankadeepa | ගයාන් සූරිය ආරච්චි)
 

Follow by Email
LinkedIn
Share
WhatsApp