Impartial news reporting for a stronger democratic society
එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ දී නදීශා ට සහ දිනුක ට රන් –  රිදී පදක්කම්

ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරඟාවලියක් ලෙස  සැලකෙන YONEX All England Seniors (Masters) Championships තරගවලිය අප්‍රේල් මස 10 වැනිදා සිට 12 වැනි දා දක්වා එංගලන්තයේ Hertfordshire Sports Village (Hatfield) හි පැවැත් විණි.

108 වැනි වරට පැවැති මෙම තරගාවලිය  සදහා , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩිකා නදීශා ගයන්ති  සහභාගි විය.

මෙම තරගාවලියේ වයස අවුරුදු 40 ට වැඩි කාන්තා කේවළ ඉසව්වේ රන් පදක්කම සහ මිශ්‍ර යුගළ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට නදීශා ගයන්ති  සමත් විය. 

තවද පොදු රාජ්‍ය මණ්ඩලීය බැට්මින්ටන් ක්‍රීඩක ශ්‍රී ලංකාවේ, දිනුක කරුණාරත්න ද මෙම තරගාවලිය සඳහා  ඉදිරී ඇත්තේ,  එංගලන්තය නියෝජනය කරමිනි.

එහී දී දිනුක වයස අවුරුදු 35 ට වැඩි පිරිමි කේවළ ඉසව්වෙන් රන් පදක්කම සහ පිරිමි යුගල ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් වී ඇත.

මෙම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් 25 ක බැඩ්මින්ටන්  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400ක පමණ සහභාගී වී ඇත.

සටහන :

සමීර මදුසංක හේවා ගමගේ  

Follow by Email
LinkedIn
Share
WhatsApp