
- ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 175,000ක් පරිසරයට එකතුවීම
- අපද්‍රව්‍ය එකතු කිරීම, අධීක්ෂණය කිරීම සහ ප්‍රතිචක්‍රීකරණයට වැඩපිළිවෙළක් නොමැති වීම
- ශ්‍රී ලංකාව තුළ, නිශ්චිත සහ පුළුල් සංඛ්‍යාලේඛන නොමැති වීම
- ශ්වසන රෝග, ස්නායු රෝග සහ දරුවන්ගේ වර්ධනයට අහිතකර බලපෑම්
ශ්‍රී ලංකාවේ වසරකට පමණ පරිසරයට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (e-waste) මෙට්‍රික් ටොන් 175,000ක් එකතුවන බවත්, මෙම අපද්‍රව්‍ය එකතු කිරීම, අධීක්ෂණය කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා පුළුල් ජාතික වැඩපිළිවෙළක් මෙරට තුළ නොමැති බව එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය (UNITAR) සම්පාදනය කළ ‘Global E-waste Monitor 2024’ වාර්තාව මඟින් පෙන්වා දි තිබේ.
පරිසර නිලධාරීන් සහ විද්වතුන් පවසන පරිදි, භාවිතයෙන් ඉවත් කරන ලද ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, චාජර් සහ විදුලි රැහැන් (කේබල්) නිවෙස්වල, ව්‍යාපාරික ස්ථානවල සහ කසළ ගොඩකිරීමේ ස්ථානවල ගොඩගැසෙමින් පවතී. මෙයින් වැඩි කොටසක් අවසානයේදී අනාරක්ෂිත, අවිධිමත් ප්‍රතිචක්‍රීකරණ ජාල වෙත යොමු වීමට ඉඩ ඇත.

මෙහි පවතින ප්‍රධාන ගැටලුවක් වන්නේ දත්ත හිඟකමයි. ගෝලීය වශයෙන්, 2022 වසරේදී ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 62ක් ජනනය වූ නමුත්, ඉන් ප්‍රතිශතයක් ලෙස 22.3%ක් පමණක් විධිමත් ලෙස එකතු කැර, පරිසර හිතකාමී ක්‍රමවේද ඔස්සේ ප්‍රතිචක්‍රීකරණය කැර ඇත.
ශ්‍රී ලංකාව තුළ, නිශ්චිත සහ පුළුල් සංඛ්‍යාලේඛන නොමැති වීම හේතුවෙන්, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවලින් කොපමණ ප්‍රමාණයක් ආරක්ෂිතව සැකසෙන්නේද සහ කොපමණ ප්‍රමාණයක් අවිධිමත් මාර්ග ඔස්සේ හෝ සාමාන්‍ය කසළ සමඟ මිශ්‍ර වී අතුරුදහන් වන්නේද යන්න නිශ්චිතව දැනගැනීම අපහසු වී තිබේ.
මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ශ්‍යාමනි පෙරියප්පෙරුම මහත්මිය පවසන පරිදි, අපද්‍රව්‍ය අනිසි ලෙස බැහැර කිරීම සහ අනාරක්ෂිතව ප්‍රතිචක්‍රීකරණය කිරීම මඟින් මිනිස් සෞඛ්‍යයට හානිකර ද්‍රව්‍ය මුදා හැරිය හැකි අතර, එමඟින් පස, ජලය සහ වාතය දූෂණය විය හැකිය.
තඹ ලබා ගැනීම සඳහා විදුලි රැහැන් විවෘත ස්ථානවල තබා ගිනි තැබීම සහ වටිනා ලෝහ නිස්සාරණය කිරීම සඳහා අම්ල වර්ග භාවිත කිරීම වැනි ක්‍රියාවන් වඩාත් කනස්සල්ලට කරුණක් වන භාවිතයන් අතර වේ.
මෙවැනි ක්‍රියාවන් මඟින් එහි නිරත වන සේවකයින්ට මෙන්ම අවට ප්‍රජාවන්ට ද භයානක ද්‍රව්‍යවලට නිරාවරණය වීමට සිදුවිය හැකි අතර, එමගින් ශ්වසන සෞඛ්‍යය, ස්නායු පද්ධතිය සහ දරුවන්ගේ වර්ධනය කෙරෙහි අහිතකර බලපෑම් ඇති විය හැකිය.
මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ආචාර්ය දිල්හාරා සේතුංග මහත්මිය, පවතින ප්‍රධාන දුර්වලතා පහක් හඳුනාගෙන ඇත.
එනම්, ප්‍රමාණවත් දත්ත නොමැතිකම, අනාරක්ෂිත අවිධිමත් ප්‍රතිචක්‍රීකරණය, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා, අපද්‍රව්‍යවලින් ද්‍රව්‍ය නැවත ලබා ගැනීමේ තාක්ෂණයන්හි ආර්ථික ශක්‍යතාව පිළිබඳ ගැටලු සහ පාරිභෝගිකයින්ගේ වගකීම් විරහිත හැසිරීම් බව සොයා ගෙන ඇත.
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තුළ නැවත ලබා ගත හැකි තඹ, ඇලුමිනියම් සහ රත්රන් වැනි ද්‍රව 2025 දී මහජනතාවගෙන් එකතු කරන ලද විද්‍යුත් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 3.74 ක් සහ අභ්‍යන්තරව ජනනය කරන ලද මෙට්‍රික් ටොන් 668 ක් වගකීමෙන් යුතුව කළමනාකරණය කළ බව ඩයලොග් පැවසීය.
නිවාස, පාසල්, ව්‍යාපාර සහ ආයතනවලට නම් කරන ලද ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානවල අනවශ්‍ය උපකරණ භාර දිය හැකි අතර, ඒවා බලපත්‍රලාභී අපද්‍රව්‍ය කළමනාකරණ හවුල්කරුවන්ට ලබා දෙනු ලැබේ.
කෙසේ වෙතත්, එවැනි ආයතනික යෝජනා ක්‍රම ජාතික පද්ධතියක් ප්‍රතිස්ථාපනය කළ නොහැක.
ජූලි 21 වැනි දින අනුමත කරන ලද 2026 අංක 15 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත, විස්තීරණ නිෂ්පාදක වගකීම සඳහා නීතිමය පදනමක් සපයයි, නමුත් එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රෙගුලාසි තවමත් කෙටුම්පත් කරමින් පවතී.
පැහැදිලි බැඳීම්, මූල්‍යකරණ විධිවිධාන, එකතු කිරීමේ ඉලක්ක සහ අධීක්ෂණ යාන්ත්‍රණ නොමැතිව, නීතියට පමණක් වගකිවයුතු බැහැර කිරීම සහතික කළ නොහැකිය. විශ්වාසදායක ජාතික සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීම, බලයලත් එකතු කිරීමේ ස්ථාන පුළුල් කිරීම, අනාරක්ෂිත ප්‍රතිචක්‍රීකරණයට එරෙහිව බලාත්මක කිරීම දැඩි කිරීම සහ සාමාන්‍ය නිවාස සඳහා නිසි බැහැර කිරීම පහසු කිරීම සඳහා වැඩපි
