Impartial news reporting for a stronger democratic society
පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව 40,000කින් අඩු වෙලා -සමීක්ෂණයකින් හෙළි වෙයි
  • පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ වාර්ෂික සංඛ්‍යාව ආසන්න වශයෙන් 40,000කින් අඩු වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා (ආචාර්යවරයා) පැවසීය.
  • සෑම වසරකම දරුවන් 300,000ක් පමණ පාසල්වලට ඇතුළත් කරගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
  • නව ප්‍රාථමික පාසල් 309ක් ස්ථාපිත කිරීමට නියමිත බවත්, ඉන් පාසල් 31ක් මේ වසරේදී ආරම්භ කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම, මෙම සියලු පාසල් එකම වාස්තු විද්‍යාත්මක සැලැස්මකට අනුව ඉදිකෙරෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

උපත් අනුපාතයේ සිදුව ඇති අඩුවීම හේතු කොටගෙන පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ වාර්ෂික සංඛ්‍යාව ආසන්න වශයෙන් 40,000කින් පමණ පහත වැටී ඇති බව නියෝජ්‍ය  ඇමැති ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා  පවසයි.

සමීක්ෂණයක ප්‍රතිඵල උපුටා දක්වමින් නියෝජ්‍ය  ඇමැති  මේ බව පවසා ඇත.

සෑම වසරකම දරුවන් 300,000ක් පමණ පාසල්වලට ඇතුළත් කර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

නව ප්‍රාථමික පාසල් 309ක් ස්ථාපිත කිරීමට නියමිත බවත්, ඉන් පාසල් 31ක් මේ වසරේදී ආරම්භ කරන බවත් නියෝජ්‍ය  ඇමැතිවරයා පැවසීය. මෙම සියලු පාසල් එකම වාස්තු විද්‍යාත්මක සැලැස්මකට අනුව ඉදිකෙරෙන බව  පැවසීය.

එමෙන්ම, වර්තමාන අවශ්‍යතාවලට ගැලපෙන නවීන වැසිකිළි පහසුකම් ද මෙම ප්‍රාථමික පාසල්වල ස්ථාපිත කෙරෙන බව ඔහු සඳහන්  කෙළේය.

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් වෙනස්කම් කිහිපයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp