Impartial news reporting for a stronger democratic society
ඉරාන සහ බ්‍රසීල ජනාධිපතිවරු තුර්කියේදී හමු වෙති : ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට එකඟතාවක් !
තුර්කියේදී පැවති COP31 සමුළුවට සමගාමීව, ජනාධිපති මසූද් පෙෂෙෂ්කියන් (වමේ) සහ බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා (දකුණේ) .2026 නොවැම්බර් 12 වැනි දින හමුවු අවස්ථාව.

—

  • ස්වාධීන ජාතීන්ගේ කාර්යභාරය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව
  • ආර්ථික, වාණිජ සහ ජාත්‍යන්තර ක්ෂේත්‍රවල එම සබඳතා තවදුරටත්
  • අන්‍යෝන්‍ය ගෞරවය සහ ජාත්‍යන්තර නීතියේ මූලධර්ම හා සම්මතයන්ට අනුගත වීම
  • පොදු ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා ස්වාධීන ජාතීන් අතර බහුපාර්ශ්වික සහයෝගීතාව

වත්මන් කලාපීය සහ ජාත්‍යන්තර වර්ධනයන් මෙන්ම ගෝලීය කටයුතු තුළ ස්වාධීන ජාතීන්ගේ කාර්යභාරය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ඉරානය සහ බ්‍රසීලය නායකයෝ තුර්කියේදී අදහස් හුවමාරු කැර ගෙන ඇති බව Islamic Republic News Agency වාර්තාවක් උපුටා දක්වමින් Cyber World Press  වාර්තා කරයි.

තුර්කියේ පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP31) අතරතුර  ඉරාන ජනාධිපති මසූද් පෙෂෙෂ්කියන් සහ  බ්‍රසීල ජනාධිපති  ලූලා ද සිල්වා  හමු වු අවස්ථාවේ මෙසේ අදහස් හුවමාරු කැර ගෙන  ඇත.

මෙම හමුවේදී  ජනාධිපතිවරු දෙදෙනා , විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරට සතු පුළුල් විභවයන් උපයෝගී කැර ගැනීමේ අවශ්‍යතාව  පිළිඳව සාකච්ඡා කැර ඇතැයි Cyber World Press සඳහාන් කරයි.

ද්විපාර්ශ්වික සබඳතාවල වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීමටත්, විශේෂයෙන් ආර්ථික, වාණිජ සහ ජාත්‍යන්තර ක්ෂේත්‍රවල එම සබඳතා තවදුරටත් ශක්තිමත් කැර ගැනීමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කැර ඇති බවත් වාර්තා වෙයි.

ඉරානය සහ බ්‍රසීලය අතර සහයෝගීතාව සඳහා පවතින විශාල විභවයන් සහ විවිධ අවස්ථාවන් පෙන්වා දුන් ජනාධිපතිවරුන් දෙදෙනා, දෙරට සතු හැකියාවන් උපයෝගී කැර ගනිමින් සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒමටත්, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව සඳහා නව මංපෙත් විවර කැර ගැනීමටත්  ඇති අවශ්‍යතාව අවධාරණය කැර  ඇති බව Cyber World Press සඳහාන් කරයි.

එහිදී සංවාදය, නිර්මාණාත්මක මැදිහත්වීම, ජාතික ස්වෛරීභාවය සඳහා අන්‍යෝන්‍ය ගෞරවය සහ ජාත්‍යන්තර නීතියේ මූලධර්ම හා සම්මතයන්ට අනුගත වීම යන කරුණුවල වැදගත්කම ඔවුහු අවධාරණය  කැර ඇත.

පොදු ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා ස්වාධීන ජාතීන් අතර බහුපාර්ශ්වික සහයෝගීතාවයේ සහ එකමුතුකමේ වැදගත්කම ද මෙම හමුවේදී ඉස්මතු කෙරුණු අතර, සාමය, ස්ථාවරත්වය, තිරසාර සංවර්ධනය සහ වඩාත් සාධාරණ ජාත්‍යන්තර පිළිවෙළක් උදා කැර ගැනීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙෂෙෂ්කියන් සහ ලූලා ද සිල්වා යන මහත්වරුන් දෙදෙනාම අවධාරණය  කැර ඇති බව තුර්කියේ ඉස්තාම්බුල් නුවර සිටින Cyber World Press වාර්තාකරු සඳහාන්  කරයි.

බ්‍රසීලයේ මෑතකදී පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් ලූලා ද සිල්වා වෙත සුබ පැතුම් එක් කරමින් සහ ඔහුගේ ධුර කාලය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් පෙෂෙෂ්කියන් මහතා මෙම සාකච්ඡාවේදී පවසා තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp