
- හෝමූස් සමුද්‍ර සන්ධියත් අත්පත් කරගෙන අවසන්
- ඉරාන යුද්ධයට නොව රටේ අභ්‍යන්තර අර්බුදවලට විසඳුම් සොයමු
අමෙරිකාවට ඉරානය සමඟ ගිවිසුමක් අවශ්‍ය නොවන බවත් ,යුද්ධය අවසන් කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර තිබේ.
එවැනි ගිවිසුමක් අවශ්‍ය වූයේ බොහෝ කාලයකට පෙර බව ඔහු සඳහන් කැර ඇත. ඉරානයට අයත් ඩොලර් බිලියන ගණනාවක මුදල් අමෙරිකාව සතුව ඇති බවත්, හෝමූස් සමුද්‍ර සන්ධියත් අත්පත් කරගෙන අවසන් බවත් ටෘත් සමාජ මාධ්‍යයේ සිය ගිණුමෙහි ඔහු වැඩිදුරටත් සඳහන් කැර තිබේ.
ට්‍රම්ප් මේ ප්‍රකාශය සිදු කැර ඇත්තේ ඉරානයේ දැඩි මතධාරී ආරක්ෂක ප්‍රධානියකු සමඟ මුහුණට මුහුණ සාම සාකච්ඡාවක් පැවැත්වීමට උප ජනාධිපති ජේ.ඩී.වැන්ස් සළකා බලමින් සිටින බව එරට වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කිරීමෙන් පසුවය.
ඔහු උපජනාධිපතිවරයාට නියෝග කැර ඇත්තේ ඉරාන යුද්ධයට නොව රටේ අභ්‍යන්තර අර්බුදවලට අවධානය යොමු කරන ලෙසයි. මධ්‍ය වාර මැතිවරණයේ පරාජයෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා ඉරාන යුද්ධය සම්බන්ධයෙන් දක්වන්නේ දැඩි උදාසීනත්වයකි.
කෙසේ වෙතත් ඉරානයට පනවා ඇති ආර්ථික සම්බාධක සහ නාවික අවහිරතා තවදුරටත් සාර්ථකව සිදුවන බව ඔහුගේ විශ්වාසය වී තිබේ.
ෆවුස් මොහොමඩ්
(සිළුමිණට ලියන ලද ලිපියකින් උපුටා ගන්නා ලදී )
