Impartial news reporting for a stronger democratic society
සියලුම චීන ජාතිකයන් තායිවාන බෙදුම්වාදීන්ට එරෙහි විය යුතුයි – චීන ජනපති ෂී ජින්පිං කියයි
  • මව්බිමේ සමෘද්ධිය හා ශක්තිය සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දැරිය යුතුයි
  • සුන් යට්-සෙන් සැමවිටම රටේ එක්සත්භාවය සහ ජනවාර්ගික සමගිය දැඩිව ආරක්ෂා කළා

1911 විප්ලවයට නායකත්වය දුන් සුන් යට්-සෙන්ගේ මහතාගේ 160 වැනි ජන්ම දින සැමරුම චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතාගේ  ප්‍රධානත්වයෙන් පසුගිය දා (12) පෙරවරුවේ බීජිං හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික Li Qiang, Zhao Leji, Wang Huning, Cai Qi, Ding Xuexiang, Li Xi යන මහත්වරු ද එම අවස්ථාවට එක් වූහ.

එම  අනුස්මරණ සැමරුමට  එක් වූ  ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක්  පවත්වමින් මෙසේද පවසා ඇත.

1911 විප්ලවයට නායකත්වය දුන් සුන් යට්-සෙන් මහතා වසර දහස් ගණනක් පුරා චීනයේ පැවති නිරපේක්ෂ රාජාණ්ඩුව අහෝසි කර කළා. චීනයේ දැවැන්ත වීරයකු, ශ්‍රේෂ්ඨ දේශප්‍රේමියකු මෙන්ම චීන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ප්‍රබල පුරෝගාමියකු ලෙස ඔහු චීන ජනතාවට හා ජාතියට දැවැන්ත නායකත්වයක් ලබා දුන්නි.

චීන කොමියුනිස්ට්වාදීන්, සුන් යට්-සෙන් මහතාගේ විප්ලවවාදී මෙහෙවරෙහි නොසැලෙන ආධාරකරුවන් ලෙසත්, විශ්වසනීය සහායකයන් ලෙසත්, අවංක අනුප්‍රාප්තිකයන් ලෙසත් කටයුතු කරනවා.

ඔහුගේ වටිනා ජීවගුණය අධ්‍යයනය කිරීම, උරුම කරගැනීම මෙන්ම ප්‍රචාරය කිරීම මඟින් ශක්තිමත් රටක් ගොඩනැඟීම සහ ජාතික පුනර්ජීවනය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම සුන් යට්-සෙන් මහතාට පිදිය හැකි ඉහළම ගෞරවයයි.

එම ජීවගුණය අධ්‍යයනය කිරීම, උරුම කරගැනීම මෙන්ම ප්‍රචාරය කිරීම සඳහා දේශප්‍රේමය ඉහළින් අගය කරමින්, මව්බිමේ සමෘද්ධිය හා ශක්තිය සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දැරිය යුතුයි. ජනතාවට සැමවිටම මුල්තැන දීමේ මූලධර්මය අනුගමනය කර අවංක චේතනාවෙන් ජනතාවට සේවය කළ යුතුයි.

“මාක්ස්වාදයේ මූලික මූලධර්ම, චීනයේ සැබෑ යථාර්ථයන් සහ ශ්‍රේෂ්ඨ චීන සාම්ප්‍රදායික සංස්කෘතිය සමඟ ඒකාබද්ධ කිරීම” කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරමින් ප්‍රායෝගිකත්වය මත පදනම්ව න්‍යායික නවෝත්පාදනයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි.

සුන් යට්-සෙන් මහතාගේ වටිනා ජීවගුණය අධ්‍යයනය කිරීම, උරුම කරගැනීම මෙන්ම ප්‍රචාරය කිරීම සඳහා, දුෂ්කර අභියෝගවලට මුහුණ දීමේ ධෛර්යය තිබිය යුතුයි. එමෙන්ම නොසැලෙන අරගලයක් තුළින් මෙහෙයවන නව සංවර්ධනයක් ආරම්භ කළ යුතුයි.

එමෙන්ම එක්සත්භාවය ස්ථිර ලෙස අනුගමනය කර, සමස්ත චීන ජාතිකයන් එකමුතුකම අඛණ්ඩව තහවුරු කර වර්ධනය කළ යුතුයි. තවද, සුන් යට්-සෙන් මහතාගේ වටිනා ජීවගුණය අධ්‍යයනය කිරීම, උරුම කරගැනීම මෙන්ම ප්‍රචාරය කිරීම වෙනුවෙන් සමස්ත ජනතාව කටයුතු කළ යුතු අතර, පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැඟිම සක්‍රිය ලෙස ප්‍රවර්ධනය කළ යුතුයි.

සුන් යට්-සෙන් සැමවිටම රටේ එක්සත්භාවය සහ ජනවාර්ගික සමගිය දැඩිව ආරක්ෂා කරමින්, ජාතිය හෝ ජනතාව බෙදා වෙන් කිරීම අරමුණු කරගත් ප්‍රකාශ සහ ක්‍රියාවන්ට දැඩි ලෙස විරුද්ධ වූණා. තායිවාන ප්‍රශ්නය විසඳීම සහ මව්බිම සම්පූර්ණයෙන් නැවත එක්සත් කරගැනීම යනු, චීන කොමියුනිස්ට් පක්ෂයේ නොසැලෙන ඓතිහාසික මෙහෙවරක්. එය චීන ජනතාවගේ පොදු අභිලාෂය සහ පුනර්ජීවනය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් ද  වෙනවා. තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපස වෙසෙන ජනතාව ද, රටෙහි මෙන්ම විදේශයන්හි වෙසෙන සියලුම චීන ජාතිකයන් ද එක්ව, තායිවාන බෙදුම්වාදීන්ට එරෙහිව විය යුතුය. එමෙන්ම තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස සබඳතාවල සාමකාමී සංවර්ධනය සහ මව්බිමේ සම්පූර්ණ එක්සත්භාවය වෙනුවෙන් එක්ව උත්සාහ දැරිය යුතු බව ද ජනාධිපති ෂී ජින්පිං  මහතා අවධාරණය කෙළේය.

Cyber World Press — බීජිං

Follow by Email
LinkedIn
Share
WhatsApp