Impartial news reporting for a stronger democratic society
වරුණි බෝග­හ­ව­ත්තගේ වැඩ තහ­නම්

කොට­විල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානා­ධි­පති ලෙස කට­යුතු කළ කාන්තා ප්‍රධාන පොලිස් පරී­ක්ෂක වරුණි බෝග­හ­ව­ත්තගේ වැඩ තහ­නම් කිරී­මට මාතර හා හම්බ­න්තොට දිසා­ භාර නියෝජ්‍ය පොලි­ස්පති චාමික වික්‍ර­ම­සිංහ  පිය­වර ගෙන ඇත.

මෝටර් රථ­යක් මිලදී ගැනී­මට සහ එහි කල්බදු වාරික ගෙවී­මට මුදල් ලැබුණු ආකා­රය තහ­වුරු කිරී­මට නොහැකි වීම සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් අත්අ­ඩං­ගු­ව­ට­ගත් ඇය මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­ත­වය.

මාතර සමු­ප­කාර සමි­තියේ සිදුව ඇති රුපි­යල් බිලි­ය­න­ය­කට අධික මුදල් වංචා­වක් සම්බ­න්ධ­යෙන් කළ විම­ර්ශ­න­යේදී වරුණි බෝග­හ­වත්ත විසින් පරි­හ­ර­ණය කර­මින් සිටි මෝටර් රථය සම්බ­න්ධ­යෙන් කරුණු අනා­ව­ර­ණය වූ බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කළේය. ඇගේ වැටු­පට ආසන්න මුද­ලක් ලීසිං වාරික ලෙස එම මෝටර් රථ­යට ගෙවන බවද අනා­ව­ර­ණය වී තිබේ.

වරුණි බෝග­හ­ව­ත්තට එරෙ­හිව නුගේ­ගොඩ කොට්ඨා­ස­භාර පොලිස් අධි­කාරී මංගල දෙහි­දෙ­ණිය මහ­තාගේ උප­දෙස් මතද මූලික පරී­ක්ෂ­ණ­යක් සිදු­වන බව සඳ­හන්ය. ඇය මිරි­හාන ළමා හා කාන්තා කාර්යාං­ශයේ ස්ථානා­ධි­ප­ති­නිය ලෙස සේවයේ නිර­තව සිටි­යදී වූ සිදු­වී­මක් සම්බ­න්ධ­යෙන් එම පරී­ක්ෂ­ණය පැවැත්වේ.

2025 වසරේ ඇය මිරි­හාන ළමා හා කාන්තා කාර්යාං­ශයේ ස්ථානා­ධි­ප­ති­නිය ලෙස සේවයේ නිර­තව සිටි­යදී ඇයගේ කාර්යාල කාම­රයේ තිබූ ඇයගේ ඡායා­රූ­ප­යට සුදු මල්මා­ල­යක් දමා පහ­නක් පත්තු­කර තිබුණි. ඇය විසින් ඒ සම්බ­න්ධ­යෙන් සිය උසස් නිල­ධා­රීන්ට පැමි­ණි­ලි­කර තිබුණේ තමා ස්පා වැට­ලී­මට පිය­වර ගැනීම හේතු­වෙන් මරණ තර්ජ­න­යක් එල්ලවී ඇති බවය. මේ ගැන නුගේ­ගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී මංගල දෙහි­දෙ­ණිය මහ­තාගේ උප­දෙස් මත විම­ර්ශන පැවැත්වූ විශේෂ පොලිස් කණ්ඩා­ය­මක් අනා­ව­ර­ණ­ය­කර ගනු ලබන්නේ පිට­ස්තර කිසි­වෙක් ඇගේ කාර්යා­ල­යට පැමිණ මල්මාලා දමා පහන් පත්තු­කර නොමැති බවත් එය ඇගේම වැඩක් බවත්ය. ඇයට එරෙ­හිව මූලික විම­ර්ශ­න­යක් ආරම්භ කිරී­මට නිර්දේශ වී ඇත්තේ එබැ­විනි.

වරුණි බෝග­හ­ව­ත්තට මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය කිරීම් සම්බ­න්ධ­යෙන්ද ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යෙන් චෝදනා එල්ලවී ද ඇත.

වරුණි බෝග­හ­වත්ත කාල­යක් පොලිස් සේවයේ සිටි කීර්ති­මත් නිල­ධා­රි­නි­යක්ද වේ.

(ගයාන් කුමාර වීර­සිංහ)

Follow by Email
LinkedIn
Share
WhatsApp