
ගාසා තීරයේ පලස්තීන යුවළවල් 250ක් පසුගිය යුග දිවියට ඇතුළත් වූ බව Cyber World Press වාර්තා කරයි.
නොනවතින ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ මුහුණ දීමට සිදුවූ අපමණ දුෂ්කරතා ගණන් නොගෙන මෙම විවාහයන් සිදුව ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනුග්‍රහය ලබන මානුෂීය වැඩසටහනක් මඟින් මේ සමූහ විවාහයන් සංවිධාන කැර තිබු අතර, එය ජාත්‍යන්තර අවධානයට ලක්වූ බවද වාර්තා වෙයි.
ගාසා නගරයේ වෙරළාසන්නයේ පැවැති මේ අපූරු විවාහ උත්සවය දැකබලා ගැනීමට දහස් සංඛ්‍යාත ජනතාව එක්රොක් වූ බව Cyber World Press වැඩිදුරටත් වාර්තා කරයි.
මල් සහ රතු පීත්ත පටියෙන් සැරසූ යුද්ධයෙන් විනාශ වූ පැරැණි මෝටර් රථ ඔවුන්ගේ මංගල රථ බවට පත්වී තිබූ අතර, මේ සිදුවීම යුද්ධයෙන් විනාශ වූ සිය ජීවිත නැවත ගොඩනඟා ගැනීමට ගාසා වැසියන් ගන්නා උත්සාහය ලොවට ප්‍රදර්ශනය කළ සුවිශේෂී අවස්ථාවක් ද විය. විවාහ මංගල්‍යය සඳහා යුවළ 250ක් තෝරාගෙන ඇත්තේ කුසපත් ඇදීමකින් බවත්, ඒ සඳහා සංවිධායකයන්ට අයැදුම්පත් 11,000කට වැඩි ප්‍රමාණයක් ලැබුණු බවත් Cyber World Press සඳහන් කරයි.
