Impartial news reporting for a stronger democratic society
වෙළෙඳපොළ විවෘත කර සමබර වෙළෙඳාමක් සඳහා එක්ව කටයුතු කළ යුතුයි – චීන උප අගමැති Ding Xuexiang

ආයෝජන සහයෝගීතාව පුළුල් කරමින් නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමටත් ,වෙළෙඳ බාධක ඉවත් කැර වෙළෙඳපොළ විවෘත කිරීමටත්  සමබර වෙළෙඳාමක් ඇති කිරීමට රටවල් එක්ව කටයුතු කළ යුතු බව චීන උප අගමැති Ding Xuexiang පවසයි.

ෂැංහයි නුවර පැවැති 9 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සහ හොංචියාඕ ජාත්‍යන්තර ආර්ථික සංසදයේ සමාරම්භක උත්සවයේදී  අගමැතිවරයා මේ බව පැවසීය.

ගෝලීය ආර්ථිකය දැඩි වෙනස්කම්වලට මුහුණ දෙමින් සිටින අතර, සංවර්ධන අසමතුලිතතා සහ ජාත්‍යන්තර වෙළෙඳ පිළිවෙළට එල්ල වන බලපෑම් පිළිබඳව ද Ding Xuexiang අවධානය යොමු කෙළේය.

රටවල් වෙළෙඳපොළ අවස්ථා බෙදාගනිමින්, තම වාසි ප්‍රයෝජනයට ගත යුතුය. ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාම සමඟ ඒකාබද්ධ වෙමින් ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව ද  අගමැතිවරයා පැවසීය.

එමෙන්ම Ding Xuexiang අවධාරණය කෙළේ සැපයුම්වල ගුණාත්මකභාවය ඉහළ නංවා, වෙළෙඳ ක්ෂේත්‍ර පුළුල් කරමින්, ආර්ථික පරිවර්තනය සමඟ නවීකරණය වේගවත් කළ යුතු බවයි.

වෙළෙඳ බාධක ඉවත් කර රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය වර්ධනය කිරීම මෙන්ම මතභේද සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමේ වැදගත්කම  ද අගමැතිවරයා  එහි දී පෙන්වා දුන්නේය.

තොරතුරු මූලාශ්‍ර – CGTN

Follow by Email
LinkedIn
Share
WhatsApp