
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිය ඊයේ (26) පෙරවරුවේ බීජිං අගනුවරදී ආරම්භ වූ බව වාර්තා වෙයි.
එහිදී මධ්යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කාරක සභාවේ මහලේකම් ෂී ජින්පිං සැසිය වෙත කාර්ය වාර්තාව ඉදිරිපත් කැර ඇත.
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට අදාළ ප්රධාන කරුණු රැසක් පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්යම කාරක සභාවේ යෝජනා’ සම්බන්ධයෙන් ද හෙතෙම එම අවස්ථාවේදී පැහැදිලි කැර ඇති බව ද අනාවරණය වෙයි.
තොරතුරු මූලාශ්ර – CGTN සිංහල
