
බංග්ලාදේශයේ තරුණියන්ගෙන් අඩකට ආසන්න පිරිසක් වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර විවාහ වී ඇතැයි යුනිසෙෆ් වාර්තාවකින් සඳහන් කැර තිබේ.
එරට අවුරුදු 20ත්, 24ත් අතර වයස් කාණ්ඩයේ පසුවන කාන්තාවන්ගෙන් 47.2%ක් විවාහ වී ඇත්තේ අවුරුදු 18ට පෙර බව යුනිසෙෆ් සංවිධානයේ වසර 2025 බහුජන දර්ශක සමීක්ෂණයකින් අනාවරණය කැර තිබේ.
මේ තත්ත්වය මත බංග්ලාදේශ දැරියන් පාසල් අධ්යාපනයේ රඳවා ගැනීමටත්, ළමා විවාහ සඳහා ඉඩකඩ සලසන නීතිමය හිඩැස වසා දමන ලෙසත් යුනිසෙෆ් සංවිධානය එරට රජයෙන් ඉල්ලීමක් කළ බව වාර්තා වේ.
පසුගියදා බංග්ලාදේශයේ සංචාරය කළ යුනිසෙෆ් විධායක අධ්යක්ෂිකා කැතරින් රසල් මේ ගැටලුව රජයේ අවධානයට ලක් කැර ඇති අතර, දරුවන්ගේ අධ්යාපනය, සෞඛ්ය හා ආරක්ෂාව වෙනුවෙන් වහාම පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කැර ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.
ගැහැනු දරුවන් නිසි වයස් සීමාවේදී පාසල් අධ්යාපනය තුළ රඳවා තැබීම සහ අවශ්ය සෞඛ්ය හා ආරක්ෂාව සැපයීමත් ඔවුන්ගේ අනාගතය වඩාත් යහපත් වීමට හේතුවනු ඇතැයි ඇය පෙන්වා දී තිබේ.( දිනමිණ ඇසුරෙන්)
