Impartial news reporting for a stronger democratic society
නොබෙල් සාම ත්‍යාගය නොදුන්නොත් බලාගෙනයි ! නොබෙල් ත්‍යාග කමිටුවට ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කරයි

ලොව පුරා විවිධ කලාපවල උද්ගත වූ යුද ගැටුම් 8ක් අවසන් කිරීමට සමත්වූ බව ප්‍රකාශ කරමින් මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා සුදුස්සා තමා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර  ඇතැයි Cyber World Press වාර්තා කරයි.

පසුගිය වසරේදී ද නොබෙල් සාම ත්‍යාගය ඉල්ලා සිටි අමෙරිකානු ජනාධිපතිවරයා  පසුගිය දා  ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී සඳහන් කැර ඇත්තේ, ලොව කිසිදු පුද්ගලයකු සිදු නොකළ ක්‍රියාවන් තමා සිදුකර ඇති බවයි.

ඒ් බැවින් මේ වසරේ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කියන පුද්ගලයා කවුරුන්දැයි අද දිනයේදී නෝර්වේජියානු සාම කමිටුව නිවේදනය කිරීමට නියමිතව ඇති අතර, අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සිහිපත් කරමින් ට්‍රම්ප් ප්‍රකාශ කැර ඇත්තේ, ඔබාමාට වඩා නොබෙල් සාම ත්‍යාගයට තමා සුදුස්සකු බවයි. ලොව කිසිදු ජනාධිපතිවරයකුට වඩා ගෝලීය යුද ගැටුම් අවසන් කිරීමට සමත්වූ බවත්, නෝර්වේජියානු සාම කමිටුව පසුගිය වසරේදී මෙන්ම මේ වසරේදී ද නොබෙල් සාම ත්‍යාගය තමා වෙත පිරිනමනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කැර තිබේ. එවැනි කීර්තියක් අත්කර ගත් රාජ්‍ය නායකයකු ලෙස තමාට මෙවර නොබෙල් සාම ත්‍යාගය ලබා නොදීමෙන් නෝර්වේජියානු සාම කමිටුව විශාල අපකීර්තියකට පත්වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp