
අමෙරිකාවේ ටෙක්සාස්හි ෆෝර්ට් හුඩ් හමුදා කඳවුරේදී 2009 වසරේදී පුද්ගලයන් 13 දෙනෙකු ඝාතනය කළ හිටපු හමුදා මනෝ වෛද්‍ය නිඩාල් හසන් හට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

1945 වසරෙන් පසු අමෙරිකානු හමුදාවක් පළමු වතාවට වෙඩි තැබීමේ කණ්ඩායමක් (Firing squad) මඟින් මෙම දණ්ඩනය එළඹෙන දෙසැම්බර් 03 වැනි දින ක්‍රියාත්මක කරනු ලැබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගේ අනුමැතිය මත මෙය සිදුවේ.
අමෙරිකානු ඉතිහාසයේ මෙන්ම ලෝකයේ ප්‍රථම වතාවට, මෙම මරණ දණ්ඩනය ප්‍රසිද්ධියේ සජීවීව විකාශය කිරීමට පෙන්ටගනය තීරණය කැර තිබීම මෙහි ඇති පෙර නොවූ විරූ විශේෂත්වයයි.
මාරාන්තික එන්නත් මඟින් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු හේතුවෙන්, ට්‍රම්ප් පාලනය වෙඩි තැබීම ඇතුළු විකල්ප ක්‍රම කිහිපයක් නැවත පුළුල් කැර ඇත.( දිනමිණ ඇසුරෙන්)
