
Nansha දූපත් සහ ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයන්හි අවිවාදිත ස්වෛරීභාවය තමන්ට හිමි බව චීනය අවධාරණය කැර ඇතැයි Cyber World Press වාර්තා කරයි.
පසුගිය දා (08) පිලිපීන වෙරළාරක්ෂක බලකායේ නෞකාවක් චීනයට අයත් Ren ai ගල්පරයට යාබද මුහුදු ප්‍රදේශයට ගොස් එහි නීති විරෝධීව රැඳී සිටි නෞකාවක තුවාලකරුවකු රැගෙන යාමේදී, චීන පාර්ශ්වය මානුෂීය හේතුව මත පිලිපීන පාර්ශ්වයට අවසර හා අවශ්‍ය පහසුකම් ද ලබා දී ඇති බව Cyber World Press වාර්තා කරයි.
එහෙත් මෙම සිද්ධිය සම්බන්ධව පිලිපීනය අසත්‍ය තොරතුරු ප්‍රචාරය කැර ඇති බවත්,චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක චියං ලිවේ මේ පිළිබඳ අදහස් දක්වමින් අවධාරණය කළේ Ren ’ai ගල්පරය ඇතුළු Nansha දූපත් සහ ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයන්හි අවිවාදිත ස්වෛරීභාවය චීනයට හිමි බව Cyber World Press සිය වාර්තාවලින් අවධාරණය කැර තිබේ. .
චීනයට අයත් මුහුදු ප්‍රදේශයන්හි නීතිවිරෝධි ලෙස හා ප්‍රකෝපකාරී අයුරින් කටයුතු කිරීම වහාම නතර කරන ලෙසත්, අදාළ කරුණු පිළිබඳ අසත්‍ය ප්‍රචාරයන් නතර කරන ලෙසත්, පිලිපීනයෙන් ඉල්ලා සිටින බව ද චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කැර ඇතැයි Cyber World Press වාර්තා කැර තිබේ.

