Impartial news reporting for a stronger democratic society
මක්කම වෙත ඩ්‍රෝන ප්‍රහා­ර­යක්!

ලෝක මුස්ලිම් ප්‍රජා­වගේ පූජ­නීය ස්ථානය වන සවුදි අරා­බියේ මක්කම වෙත හවුති කැර­ලි­ක­රු­ව­න්ගෙන් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහා­ර­යක් වැළැ­ක්වී­මට සමත්වූ බව එරට ආර­ක්ෂක අංශ නිවේ­ද­නය කැර තිබේ.

 මක්කම වෙත ප්‍රහා­ර­යක් එල්ල කළ බවට සවුදි ආර­ක්ෂක අංශ නිකුත් කළ ප්‍රකා­ශය හවුති කැර­ලි­ක­රු­වන් ප්‍රති­ක්ෂේප කැර ඇති අතර, එම සංවි­ධා­නයේ දේශ­පා­ලන අංශය නිවේ­ද­නය කැර ඇත්තේ එය පිළි­කුල් සහ­ගත ප්‍රකා­ශ­යක් බවයි.

 කිසිදු අව­ස්ථා­වක පූජ­නීය නග­රය ඉලක්ක කැර නොගත් බව එහි සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp