
හෝමූස් සමුද්‍ර සන්ධියේ හිමිකාරීත්වය ඉදිරියේදී අමෙරිකාවට පවරා ගන්නා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ප්‍රකාශයෙන් ගොඩබිම් ආක්‍රමණයක් පිළිබඳ ඉරාන රජය අනුමාන කැර තිබේ.
එවැනි ගොඩබිම් ආක්‍රමණයකදී ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ආරක්ෂක නිලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු හමුදාව එවැනි ආක්‍රමණයක් සිදු කරන්නේ නම් ඒ සඳහා මුහුණ දීමට ඉරාන ජනතාව දිරිමත් කිරීමටද එරට ආරක්ෂක හමුදාව පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. ඉරාන හමුදාපති අමීර් හටාමි නිවේදනය කර ඇත්තේ ඕනෑම ගොඩබිම් මෙහෙයුමකට සම්බන්ධ වන අමෙරිකානු සෙබළෙක් ඝාතනය කරන හෝ ජිවග්‍රහයෙන් අල්ලා ගන්නා ඉරාන ජාතිකයන්ට ඩොලර් 30,000ක් පිරිනමන බවයි. ඉරාන කාන්තාවක් එවැනි ක්‍රියාවක් සිදු කරන්නේ නම් ඇයට එම මුදල මෙන් දෙගුණයක් ගෙවන බව ද ඉරාන හමුදාපති ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
