
ඕමානයට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ මතභේදාත්මක තර්ජනය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, ජාත්‍යන්තර වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, එය ඩොලර් 91.24ක් ලෙස සටහන් වී ඇත.
මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති මෙම නවතම උණුසුම්කාරී තත්ත්වය ගෝලීය බලශක්ති වෙළෙඳපොළ කෙරෙහි දැඩි ලෙස බලපා ඇත.
