Impartial news reporting for a stronger democratic society
ගාසාවේ  පුද්ග­ල­යන් ජීව­ත්වී­මට සුදුසු නැහැ: සෑම රාත්‍රි­ය­ක­දීම පුද්ග­ල­යන් 30ක් හෝ 40ක් ඝාත­නය කළ යුතුයි –  ඊශ්‍රායල ආර­ක්ෂක ඇමැති ඉටා­මර් බෙන් ග්වීර් කියයි

ගාසා තීර­යේදී සෑම රාත්‍රි­ය­ක­දීම පුද්ග­ල­යන් 30ක් හෝ 40ක් ඝාත­නය කළ යුතු බවට ඊශ්‍රා­ය­ලයේ අන්ත දක්ෂි­ණාං­ශික ජාතික ආර­ක්ෂක ඇමැති ඉටා­මර් බෙන් ග්වීර් සිදු කැර ඇති ආන්දෝ­ලා­ත්මක ප්‍රකා­ශ­යක් ජාත්‍ය­න්ත­රයේ දැඩි අව­ධා­න­යට ලක්වී ඇතැයි Cyber World Press වාර්තා  කරයි. ගාසා තීරයේ සිටින ඇතැම් පුද්ග­ල­යන් ජීව­ත්වී­මට සුදුසු නැති බව ද ඔහු සඳ­හන් කැර තිබේ.

2023 ඔක්තෝ­බ­ර­යේදී හමාස් සංවි­ධා­නය ඊශ්‍රා­ය­ල­යෙන් පැහැ­ර­ගෙන ගොස් රඳවා තබා පසුව නිද­හස් කළ රොම් බ්‍රැස්ලාව්ස්කි නමැති ඊශ්‍රා­යල ජාති­ක­යකු සමඟ පොඩ්කාස්ට් සාක­ච්ඡා­ව­කට එක්වෙ­මින් ඊශ්‍රා­යල ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා මේ ප්‍රකා­ශය සිදු කැර තිබේ.

ඉලක්ක කර­ගත යුතු වන්නේ ඊශ්‍රා­ය­ලට තර්ජ­න­යක් එල්ල කරන පුද්ග­ල­යන් පම­ණක් නොවන බවත් සඳ­හන් කර ඇති ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා පල­ස්තී­නු­වන්ට එරෙ­හිව සිදු කරන ප්‍රහාර ඉහළ දමන ලෙස ද ඉල්ලී­මක් කැර තිබේ. එම සාක­ච්ඡා­වේදී ඔහු පල­ස්තීන ජන­තාව හැඳි­න්වීම සඳහා ඉතා පහත් අමා­නු­ෂික වදන් භාවිත කැර ඇති අතර, ඔහුගේ මේ ප්‍රකා­ශය ජාත්‍ය­න්ත­රයේ දැඩි අප්‍ර­සා­ද­යට ලක්වී තිබේ.

අග­මැති බෙන්ජ­මින් නෙත­න්යා­හුගේ රජයේ ප්‍රබල ඇමැ­ති­ව­ර­යකු වන ඉටා­මර් බෙන් ග්වීර් එරට පොලිස් සහ බන්ධ­නා­ගාර ඇමැ­ති­ව­රයා ද වන අතර, ගාසා යුද්ධය ආර­ම්භයේ සිටම ඊශ්‍රා­යල හමු­දාව පල­ස්තී­නු­වන් ඝාත­නය කිරිම සඳහා දිරි­ගැ­න්වීමේ ප්‍රකාශ නිකුත් කැර ඇතැයි ද වාර්තා වේ. ගාසා තීර­යට ස්ථීර සාම­යක් සඳහා ජාත්‍ය­න්තර රට­වල් දැඩි උත්සා­හ­යක නිර­ත­වන අව­ස්ථා­වක එරට ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා එවැනි ප්‍රකා­ශ­යක් සිදු කිරිම එම සාම සැල­සු­මට බර­ප­තළ බාධා­වක් වනු ඇතැයි ද වාර්තා පළ වී තිබේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp