Impartial news reporting for a stronger democratic society
ඉබෝලා වසං­ග­ත­යෙන් කොංගෝවේ මරණ 2,325ක් ඉක්මවා යයි

කොංගෝ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ජන­ර­ජයේ පැතිරී යන ඉබෝලා වසං­ග­තය හේතු­වෙන් පුද්ග­ල­යන් 2,325 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති බව Cyber World Press අනාවරණය වෙයි.

 එය එරට ඉති­හා­සයේ වඩාත්ම දරුණු ඉබෝලා ව්‍යාප්තිය බවට පත්වී  ඇති බවට වාර්තා  වෙයි.

ඊයේ උදෑ­සන වන විට ගතවූ පැය 24 ඇතු­ළත පම­ණක් නව ආසා­දි­ත­යන් 101 දෙනකු හඳු­නා­ගෙන ඇති අතර, වයි­ර­සය ආසා­දන වූ බවට මෙතෙක් තහ­වුරු වූ රෝගීන් සංඛ්‍යාව 4,945 දක්වා ඉහළ ගොස් ඇතැයි කොංගෝ ජන­ර­ජයේ මහ­ජන සෞඛ්‍ය ආය­ත­නය නිවේ­ද­නය කැර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානු­ෂීය කට­යුතු පිළි­බඳ ප්‍රධානී ටොම් ෆ්ලෙචර් සඳ­හන් කැර ඇත්තේ ඉබෝලා වසං­ග­තය පාල­නය කිරි­මට ජාත්‍ය­න්තර මට්ටමේ මැදි­හ­ත්වී­මක් අත්‍ය­වශ්‍ය වී ඇති බවයි. කොංගෝ රාජ්‍ය­යෙන් මෙතෙක් වාර්තා වූ 17 වැනි ඉබෝලා වසං­ග­තය මෙය වන අතර, මීට පෙර එර­ටින් වාර්තා වූ දරු­ණු­තම ඉබෝලා වසං­ග­තය බවට පත්වී ඇත්තේ 2018-2020 කාල­යේදී පුද්ග­ල­යන් 2,299 දෙන­කුට මරු කැඳවූ වසං­ග­තය බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් පෙන්වා දුන් බව Cyber World Press සඳහාන් කරයි.

අද වන විට කොංගෝ රාජ්‍යයේ ව්‍යාප්ත වෙමින් පව­තින ඉබෝලා වසං­ග­තය පැති­රීමේ වේගය අනුව එය 2014 සිට 2016 දක්වා බට­හිර අප්‍රි­කානු කලා­පයේ පැතිරී ගිය ඉබෝලා වසං­ග­ත­යට වඩා බර­ප­තළ වීමේ අව­දා­න­මක් මතු වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ ප්‍රධානී ටෙඩ්රෝස් අද්නෝම් අන­තුරු අඟවා තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp