Impartial news reporting for a stronger democratic society
පාකි­ස්ථා­න­යට මහා  ගංවතුරක් ! 150ක් ජීවි­ත­ක්ෂ­යට – 350කට තුවාල

මේ දිනවල පාකි­ස්ථා­න­යට ඇද හැලෙන අධික වර්ෂාව සහ ගංව­තුර තත්ත්වය හේතු­වෙන් මාස­යක් ඇතු­ළත අවම   වශ­යෙන් පුද්ග­ල­යන් 150 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇතැයි එරට ජාතික ආපදා කළ­ම­නා­ක­රණ අධි­කා­රිය ප්‍රකාශ කළ බව එරට ඩෝන් පුවත් සේවයේ  වාර්තා උපුටා දක්වමින් Cyber World Press සඳහාන් කරයි.

පසු­ගිය ජූනි මාසයේ අග­භා­ගයේ සිට පාකි­ස්ථා­න­යට බලපා ඇති මෝසම් වැසි තත්ත්වය ඉදිරි දින කිහි­ප­යේදී තව­දු­ර­ටත් පව­තිනු ඇතැයි ද අනා­වැකි පළ වී තිබේ.

වර්ෂාව හේතු­වෙන් සිදුවූ විවිධ අන­තු­රු­ව­ලින් තවත් පුද්ග­ල­යන් 350 දෙනකු තුවාල ලබා ඇතැයි ද ඩෝන් පුවත් සේවය වාර්තා කැර තිබු බව  Cyber World Press සඳහාන් කරයි. පසු­ගි­යදා පන්ජාබ් ප්‍රාන්ත­යෙන් මරණ 7ක් සහ කයි­බර් පක්ටුන්ක්වා ප්‍රාන්ත­යෙන් මරණ 3ක් වාර්තා වී ඇති බවත්, ජාතික ආපදා කළ­ම­නා­ක­රණ අධි­කා­රිය නිවේ­ද­නය කැර ඇති අතර, නිවාස කඩා වැටීම්, දියේ ගිලීම සහ විදුලි සැර වැදීම වැනි වර්ෂාව ආශ්‍රිත අන­තු­රු­ව­ලින් එම මරණ සිදුවී තිබේ.

පාකි­ස්ථා­නයේ දෙවැනි විශා­ල­තම නග­රය වන ලාහෝර් හී අව­තැ­න්වූ­වන් වෙනු­වෙන් සහ­නා­ධාර කඳ­වුරු 17ක් ස්ථාපිත කැර ඇති අතර, වැසි තත්ත්වය ඉහළ යෑමේ අව­දා­නම මත තවත් සහ­නා­ධාර කඳ­වුරු ඉදි කිරී­මට බල­ධා­රීන් පිය­වර ගෙන තිබේ. පන්ජාබ් වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කැර ඇත්තේ ලාහෝර් සහ ගුජ­ර­න්වාලා පළා­ත්වල පරි­පා­ලන කොට්ඨාස පුරා වර්ග කිලෝ­මී­ටර් 400ක් පමණ ජල­යෙන් යටවී ඇති බවයි. පන්ජාබ් ප්‍රාන්තය පුරා හදිසි සහ­නා­ධාර කණ්ඩා­යම් යොදවා ඇති බවත්, ගංව­තුර බැස­යෑ­මට සැලැ­ස්වීම සඳහා එම කණ්ඩා­යම් සක්‍රි­යව කට­යුතු කර­මින් සිටින බව ප්‍රාන්ත මහ­ඇ­මැ­ති­නිය මරි­යම් ෂරීෆ් ප්‍රකාශ  කැර ඇතියි Cyber World Press සඳහාන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp