
වයඹදිග පාකිස්තානයට අයත් කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ ඉස්ලාම් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් සංඛ්‍යාව 31කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇති බව Cyber World Press සඳහාන් කරයි.
එම ප්‍රාන්තයේ කොහාට් නගරයේ පොලිස් ස්ථාන භූමියේ පිහිටි ඉස්ලාම් දේවස්ථානයේ පසුගිය සිකුරාදා දහවල් දේව මෙහෙය අතරතුර එහි දොරටුවට පුපුර ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයක් ගැටීමට සැලැස්වීමෙන් එම ප්‍රහාරය සිදු කර තිබේ.
ප්‍රහාරයෙන් පසුව පොලිස් ස්ථානයට ද ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එහිදි ඇති වූ වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරින් 15 දෙනකු සහ සිවු හැවිරිදි දරුවකු මියගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවා වාර්තාවක් උපුටා දන්වමින් Cyber World Press සඳහාන් කරයි.
තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ද වාර්තා වෙයි. පාකිස්තාන තලේබාන් සංවිධානයට අයත් සන්නද්ධ කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති බවත්, වෙඩි හුවමාරුව අතරතුර සන්නද්ධ කල්ලියේ සාමාජිකයන් 6 දෙනකු ද මියගිය බව වාර්තා වේ.
කොහාට් පොලිස් ප්‍රධානී සුල්ෆිකාර් හමීඩ් සඳහන් කර ඇත්තේ සන්නද්ධ කණ්ඩායම පොලීසියට ඇතුළු වීමට උත්සාහ ගැනීමේදී වෙඩි හුවමාරුව සිදු වූ බවය. ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේ සිට ක්‍රියාත්මක වන පාකිස්තාන තලේබාන් සංවිධානය දීර්ඝ කාලයක් පුරා පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාර සිදු කරමින් සිටින අතර, පාකිස්තාන රජය ප්‍රකාශ කර ඇත්තේ එම සංවිධානයට ඇෆ්ගන් රජයේ සහය ලැබෙන බවයි. එහෙත් රට අභ්‍යන්තරයේ ආරක්ෂාව සහතික කිරීමට අසමත්වීම සම්බන්ධව පාකිස්තාන හමුදාවට එරට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි Cyber World Press අනාවරනය කරයි.
