
පුද්ගලයන් 6 දෙනකු වෙඩිතබා ඝාතනය කළ සැකකරු සෙවීම සඳහා හෙලිකොප්ටර් යානා සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් විශේෂ මෙහෙයුමක් මේ වන විට තුර්කි පොලිසිය ආරම්භ කැර තිබෙන බව විදේශ මාධ්‍ය සඳහන් කරයි.
මෙම වෙඩි තැබීමෙන් දකුණු තුර්කියේ පුද්ගලයන් හය දෙනෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව Cyber World Press අනාවරණය කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම වෙඩි තැබීම මර්සින් ප්‍රාන්තයේ ටාසස් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සිදු වී තිබෙන අතර වෙඩික්කරු එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි.
මෙම සැකකරු 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු ප්‍රථමයෙන්ම වීදියකදී තම බිරියට වෙඩි තබා ඝාතනය කැර ඇති බවත්, පසුව ඔහුගේ මෝටර් රථයේ සිට ආපන ශාලාවකට වෙඩි තබා එහි හිමිකරු සහ සේවකයකු ඝාතනය කැර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කැර තිබේ.
