
ස්වීඩන රජයේ ඉහළම ගෞරව සම්මානය වන ‘ද රෝයල් ඕඩර් ඔෆ් ද පෝලර් ස්ටාර්’ සම්මානය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත පිරිනමා ඇත.
ද්විපාර්ශ්වික සබඳතා ශත්තිමත් කිරීම සඳහා දැක්වූ සුවිශේෂී දායකත්වය සහ දූරදර්ශී නායකත්වය අගයමින් ඔහු වෙත මෙම සම්මානය පිරිනමා ඇත.
දෙදින නිල සංචාරයක් සඳහා ස්වීඩනයට පැමිණි ඉන්දීය අගමැතිවරයාව ස්වීඩන අගමැති උල්ෆ් ක්‍රිස්ටර්සන් උණුසුම් ලෙස පිළිගනු ලැබිණි.
මෙම සම්මානයත් සමඟ අගමැති මෝදි විදේශ රටකින් ලැබූ 31වැනි ජාත්‍යන්තර ගෞරව සම්මානය ලෙස මෙය ඉතිහාසයට එක්වේ.
සිය යුරෝපා සංචාරයේ තුන්වැනි නැවතුම ලෙස ස්වීඩනයේ ගොතන්බර්ග් ගුවන් තොටුපළ වෙත ළඟා වූ ඉන්දීය අගමැතිවරයාට ඉහළ රාජ්‍ය පිළිගැනීමක් හිමිව තිබේ.
1748 වසරේදී ආරම්භ කර ඇති මෙම ‘රෝයල් ඕඩර් ඔෆ් ද පෝලර් ස්ටාර්’ සම්මානය, ස්වීඩනය වෙනුවෙන් හෝ එරට අවශ්‍යතා වෙනුවෙන් සිදුකළ සුවිශේෂී පුද්ගලික කැපවීම් මෙන්ම පොදු කටයුතු සහ රාජ්‍ය රාජකාරි සාර්ථකව ඉටු කිරීම ඇගයීම උදෙසා පිරිනමන්නක් බව එරට නිල වෙබ් අඩවිය සඳහන් කැර තිබේ.
නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ මෙම සංචාරය හරහා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.
