
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීන නිත්‍ය නියෝජිත තානාපති ජියා ගයිඩ් මහතා පසුගිය දා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත තානාපති සුමිත් දසනායක මහතා හමු විය.
චීනය සහ ශ්‍රී ලංකාව මිත්‍රශීලී ද්විපාර්ශ්වික සම්බන්ධතා බෙදා ගන්නා රටවල් දෙකක් බව තානාපති ජියා ගයිඩ් මහතා මෙම හමුවේදී ප්‍රකාශ කැර ඇත.
ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීම සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ගයිඩ් මහතා අවධාරණය කැර ඇත.
ශ්‍රී ලංකාව සහ චීනය ඵලදායී ප්‍රතිඵල ලබා දී ඇති සාම්ප්‍රදායික මිත්‍රත්වයක් භුක්ති විඳින රටවල් බව තානාපති සුමිත් දසනායක මහතා මෙහිදී ප්‍රකාශ කැර ඇති අතර, ශ්‍රී ලංකාව සහ චීනය විශ්වාසදායක උපායමාර්ගික සහකරුන් ලෙස සලකන බව ද පවසා තිබේ. එසේම බහුපාර්ශ්වික කටයුතුවලදී චීනයේ වැදගත් කාර්යභාරය තානාපති සුමිත් දසනායක මහතා ඇගයීමට ලක් කැර තිබේ.
