
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආරක්ෂක කවුන්සිලය වැනි ගෝලීය සංවිධාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන ඉල්ලීම් ඇතුළුව ‘බ්‍රික්ස්‘ සංවිධානයේ සමාජික රටවල විදේශ ඇමැතිවරුන්ගේ සමුළුවක් පසුගිය 14 සහ 15 දෙදින තුළ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති බව Cyber World Press වාර්තා කරයි.
ඉන්දියාවේ සත්කාරකත්වයෙන් මෙම සමුළුව නවදිල්ලි නුවර දී පවත්වා ඇත.
ජාත්‍යන්තර සංවිධාන තුළ දකුණු ගෝලීය කලාපයේ රටවල වැඩි නියෝජනයක් සඳහා වන එම දිගුකාලීන ඉල්ලීම මුල් කරමින් එම සමුළුව පැවැතියද, ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට බ්‍රික්ස් සංවිධානය අසමත් වී ඇති බව Cyber World Press නියෝජිත සඳහාන් කරයි.
ඉරාන යුද්ධය සම්බන්ධව බ්‍රික්ස් සාමාජික රටවල් කිහිපයක විදේශ ඇමැතිවරු අතර විවිධ අදහස් පළවීම නිසා ,සමුළුව අවසානයේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් නොකළ බව දැනට එම සංවිධානයේ සභාපතිත්වය දරන ඉන්දියාව ප්‍රකාශ කැර ඇතැයි අල් ජසීරා පුවත් සේවය ද සඳහාන් කැර ඇත.
නවදිල්ලියේ පැවති මෙම සමුළුවේදී අමෙරිකාව සහ ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම හෙළා දකින ලෙස ඉරාන විදේශ ඇමැති බ්‍රික්ස් සාමාජික රටවලින් ඉල්ලීමක් කැර තිබේ. ගාසා තීරය සහ සුඩානයේ සිවිල් යුද්ධය සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වූව ද අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති අතර, මැදපෙරදිග යුද්ධය පිළිබඳ ඇතැම් සාමාජිකයන් අතර විවිධ අදහස් පළවූ බව ඉන්දියාව තහවුරු කැර ඇතැයි Cyber World Press නියෝජිත සඳහාන් කරයි.
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව නිත්‍ය සාමාජිකත්වය දරන බ්‍රික්ස් සංවිධානයට නව සාමාජිකයන් ලෙස ඉතියෝපියාව, ඉරානය, ඊජිප්තුව, ඉන්දුනීසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඇතුළත්වී සිටී.
