Impartial news reporting for a stronger democratic society
ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඉරානයට අනතුරු අඟවයි!  

ඉරා­නය ඉතා ඉක්ම­නින්  අමෙරිකාව සමඟ  සාම ගිවිසුමකට නොපැමිණිහොත්  ඔවුන්ගේ කිසිවක්  ඉතිරි නොවන බව අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත්  ප්‍රකාශ කැර තිබේ.

ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තබ­මින් ට්‍රම්ප් නැවතත්  මෙම අන­තුරු  ඇගවීම සිදු  කැර ඇත.

ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නට අනුව, යුද්ධය අව­සන් කිරී­මට ලබා දුන් කාලය වේග­යෙන් ගෙවී යන බව­ටත්, ඉරා­නය ඉක්මන් නොවු­ණ­හොත් ඔවුන්ට කිසි­වක් ඉතිරි නොවනු ඇති බව­ටත් තර්ජනය කැර ඇත.

අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා මේ අන­තුරු ඇඟ­වීම සිදු කැර ඇත්තේ පසු­ගි­ය දා ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු සමඟ දුර­ක­තන සංවා­ද­යක නිර­ත­වී­මෙන් පසු­වය. අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අන­තුරු ඇඟ­වී­මෙන් පැහැ­දිලි වන්නේ ඉදිරි පැය 48 ඇතු­ළත ඕනෑම මොහො­තක අමෙ­රි­කාව නැවත ඉරා­න­යට එරෙ­හිව ප්‍රහාර ආරම්භ කිරීමේ අව­දා­නම බව කටාර් රාජ්‍යයේ දෝහා මාධ්‍ය අධ්‍ය­යන ආය­ත­නයේ මහා­චාර්ය මොහො­මඩ් එල්මස්රි ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය උපුටා දක්වමින් Cyber World Press අනාවරණය කරයි.

අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා අපේක්ෂා කළ ආකා­රයේ යටත් වීමක් ඉරා­න­යෙන් පෙන්නුම් නොකි­රීම ඊට හේතු වී ඇතැයි ද මහා­චා­ර්ය­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කැර බව Cyber World Press අනාවරණය කරයි.

මේ අතර අමෙ­රි­කාවේ යෝජ­නා­ව­ලිය සම්බන්ධ ගැටලු සහ­ගත තත්ත්වය සාම සාකච්ඡා බිඳ­වැ­ටී­මට හේතුවී ඇතැයි ඉරා­නයේ අර්ධ රාජ්‍ය මාධ්‍ය ආය­ත­න­යක් වන මෙහ්ර් පුවත් ඒජ­න්සිය සඳ­හන් කැර ඇති අතර, ටෘත් සමාජ මාධ්‍ය­යෙන් නිකුත් කළ අන­තුරු ඇඟ­වී­මෙන් අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා නැවත සිහි­පත් කර ඇත්තේ යුද්ධය නිමා කිරීම සඳහා ගිවි­සු­ම්ගත නොවන්නේ නම් ඉරා­නයේ සමස්ත ශිෂ්ටා­චා­රය විනාශ කරන බවට ඔහු විසින් පසු­ගිය අප්‍රේල් මාස­යේදී සිදු කළ අන­තුරු ඇඟ­වීම නැවත සිහි­පත් කිරී­මක් බව ද මෙහ්ර් පුවත් ඒජ­න්සිය සඳ­හන් කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp