
එංගලන්ත අගමැති කියර් ස්ටාමර් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය සඳහා කරයි.
බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම් සබානා මහමුද්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහාන් කැර ඇත්තේ පාලක කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 72 දෙනෙකු කියර් ස්ටාමර්ගේ ඉවත් වීම අපේක්ෂා කරන බවයි.
මේ අතර, කීර් ස්ටාර්මර් මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එල්ලවන මෙම දැඩි බලපෑම් හමුවේ, තමා තවදුරටත් ධුරයේ රැඳී සිටින බවත් තමා විවේචනය කරන්නන් වැරදි බව ඔප්පු කරන බවත් පවසා තිබේ.
මේ අතර, එංගලන්ත ප්‍රාදේශීය මැතිවරණයෙන් කියර් ස්ටාමර් නායකත්වය දරණ පාලක කම්කරු පක්ෂය ලද පරාජයත් සමඟ රජයේ ඇමැතිවරුන් රැසක් තම ධූරවලින් ඉල්ලා අස්වීමට මේ වනවිට කටයුතු කැර ඇති බව සඳහන් වෙයි.
