Impartial news reporting for a stronger democratic society
අමෙ­රි­කාවේ සම්බා­ධක නොතකා ඉරා­නයේ සහ රුසි­යාවේ ඩ්‍රෝන කර්මා­න්ත ­ශා­ලා­ව­ලට චීන­යෙන් උපකරන

අමෙ­රි­කාවේ සම්බා­ධක නොතකා ඉරා­නයේ සහ රුසි­යාවේ ඩ්‍රෝන කර්මා­න්ත ­ශා­ලා­ව­ලට චීන­යෙන් සැප­යුම් සිදු­වන බවට වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් සේවය චෝදනා කැර ඇති බව Cyber World Press නිව්යෝක් විශේෂ නියෝජිත පවසයි.

එහි වාර්තා උපුටා දක්ව­මින් විදෙස් මාධ්‍ය  ද සඳ­හන් කරන්නේ , ඩ්‍රෝන සඳහා භාවි­ත­යට ගන්නා එන්ජින් සහ බැටරි වැනි උප­ක­රණ සහ හමු­දාවේ භාවි­ත­යට ගන්නා පරි­ඝ­නක ‘චිප්ස්’ එම සැප­යු­ම්ව­ලට ඇතු­ළත් වන බවයි.

ශාහිඩ් 136 නමැති ඉරා­නයේ ප්‍රධා­න­තම ඩ්‍රෝන වර්ගය සඳහා වැය වන්නේ ඩොලර් විසි­ද­හ­සක සිට පන­ස්ද­හ­සක් දක්වා අඩු මුද­ලක් බවත්, මිල අධික කෘෘස් මිස­යි­ල­ව­ලට විකල්ප ලෙස භාවි­ත­යට ගත හැකි බවත්, වෝල් ස්ට්‍රිට් ජර්නල් පුවත් සේවය සඳ­හන් කැර ඇති බව Cyber World Press නිව්යෝක් විශේෂ නියෝජිත පවසයි.

එම පුවත් සේව­යට අනුව පසු­ගිය පෙබ­ර­වාරි මස අග­භා­ගයේ ආරම්භ වූ ඉරාන යුද්ධය අත­ර­තුර ශාහිඩ් ‍ඩ්‍රෝන නිෂ්පා­ද­න­යට අවශ්‍ය උප­ක­රණ සම්බ­න්ධව විද්‍යුත් තැපැල් පණි­විඩ කිහි­ප­යක් ද හුව­මාරු වී ඇතැයි වාර්තා වේ. පැයට කිලෝ­මී­ටර් 185ක උප­රිම වේග­ය­කින් ගමන් කළ හැකි බව කියන ශාහිඩ් ඩ්‍රෝනයේ ඇස්ත­මේන්තු දුර පරා­සය කිලෝ­මි­ටර් 1000ක සිට 2,500ක් දක්වා වන බවත්, මීටර් 60 සිට මීටර් 4,000ක දක්වා උස­කින් පියා­සර කිරීමේ හැකි­යාව ඇති බවත්  සඳහාන් වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp