
2026 – එංගලන්ත සවි එසවීමේ ශූරතාවලිය ( England National Power Limiting Championship 2026 ) පසුගියදා Southampton හි Until it Bowl ශ්‍රවණාගාරයේ දී පැවති අතර, වර්තමාන එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා සම්භවයක් සහිත සුරේන් පෙරේරා කිලෝගෑම් 59 බර පන්තියේ විවෘත Classic අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
එහි දී Bench Press ඉසව්වේ කිලෝගෑම් 135KG , Deadlift ඉසව්වේ කිලෝගෑම් 220KG සහ Squat ඉසව්වේ කිලෝගෑම් 160KG සමස්ත බර කිලෝගෑම් 515KG ඔසවමින් දක්ෂතාවය දැක්වු අතර , මෙම තරගාවලියේ දැනට පවතින Bench Press ඉසව්වේ තරග වාර්තාව ද සුරේන් පෙරේරා සතු වීමද විශේෂයත්වයකි.
එම වාර්තාව 2025 වසරේ දී කිලෝගෑම් 140.5KG බරක් ඔසවන ලදී. මෙම ශූරතාවලිය ජාත්‍යන්තර සවි එසවීමේ සංගමය (IPF) යටතේ ඇති English Power lifting Association සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

සටහන – – සමීර මදුසංක හේවා ගමගේ
