
2026 – Bargara Sprint Distance Triathlon තරගය පසුගිය දා ඕස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Bargara නගරයේ දී පැවත් විණි.
මෙම තරගයේ දී වයස් කාණ්ඩ 25-29 අංශය සඳහා තරග කළ ෂේන් අමරසිංහ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. ඔහු මෙම තරගය සඳහා පැය 01 විනාඩි 16 තත්ත්පර 10 ලෙස කාලය සටහන් කෙළේය. මෙම තරගය Age Group World Triathlon Championship තරගය සඳහා සුදුසුකම් ලැබීමේ තරගයක් ලෙස පැවතීම විශේෂයත්වයකි.
මෙහි දී ෂේන් අමරසිංහ පිහිණුම් ඉසව්ව කිලෝමීටර් 01KM විනාඩි 21 කින් ද , කිලෝමීටර් 20KM බයිසිකල් ධාවන ඉසව්ව විනාඩි 36 කින් සහ කිලෝමීටර් 5KM මාර්ග ධාවන ඉසව්ව විනාඩි 18 කින් නිමා කිරීමට සමත් විය.
මෙම තරගාවලිය Bargara Triathlon Club සහ Queensland Triathlon සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර මේ සඳහා ඕස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත නියෝජනය කරන ක්‍රීඩකයන් වෙනු වෙන් විවෘත තරගයක් විය.

සමීර මදුසංක හේවා ගමගේ
