Impartial news reporting for a stronger democratic society
අමෙරිකානු නෞකා ඉරානයේ ප්‍රහාරවලට ලක් වුණහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කැර දමනවා — ට්‍රම්ප් අනතුරු අඟවයි

ඉරානයේ ප්‍රහාරවලට අමෙරිකානු නෞකා ඉලක්ක කිරීමට උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කැර දමන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇති බව  අනාවරණය  වෙයි.

හෝමූස් සමුද්‍ර සන්ධියේ හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති අමෙරිකානු නෞකා ඉලක්ක කිරීමට උත්සාහ කළහොත් ප්‍රහාර එල්ල කරන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

තමා ඉදිරියේ විකල්ප දෙකක් ඇති බවත්, එනම් යහපත් විශ්වාසය මත පදනම් වූ ගිවිසුමකට එළඹීම හෝ යළිත් හමුදා මෙහෙයුම් ආරම්භ කිරීම බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කැර ඇත.

මේ අතර හෝමූස් සන්ධියේදී දෙපාර්ශ්වයම අතර ඇති වූ වෙඩි හුවමාරුවත් සමඟ මේ වනවිට සටන් විරාමය දැඩි පරීක්ෂාවකට ලක්ව ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp